October 22, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මියන්මාර ජාතිකයෙකු අත්අඩංගුවට

1 min read

රුපියල් හාර කෝටි හැට හතර ලක්ෂ හැට දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටිය දී අද අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 22 හැවිරිදි වියේ පසුවන මියන්මාර ජාතිකයෙකු වන අතර , එරට කම්කරු වෘත්තීයේ නියැලී සිටින්නෙකි .

ඔහු අද (21) අලුයම 01.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ රෙදිපිළි , රසකැවිළි සහ ආහාර අතර , මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 ග්‍රෑම් 646 ක ප්‍රමාණය , පැකැට් 03 ක් තුළ අසුරා සකස් කර ගෙන , සගවා ගෙන තිබුණි .

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රදවා තබා ගෙන ප්‍රශ්ණ කිරීම සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මූලස්ථානය වෙත භාර දීමට නියමිතය .

ජනප්‍රිය පුවත්  ඉන්දීය ආධාර ව්‍යාපෘතිවල ගැටලු ගැන විශේෂ සාකච්ඡාවක්
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x