September 11, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බ්‍රික්ස් නායක සමුළුවට චීන ජනපති හෙට ඉන්දියාවට..

1 min read

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18වැනි බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා චීන ජනපති ෂී ජින් පිං හෙට (12) ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ.

චීන ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණෙන්නේ වසර 7කට පසුව වන අතර, එහිදී දෙරට අතර හෙට (12) පස්වරුවේ වෙළඳාම සහ ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික පරතරය අවම කර ගැනීමට මෙම සංචාරය වැදගත් පියවරක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බ්‍රික්ස් සමුළුව හෙට සහ අනිද්දා (12, 13) දෙදින පැවැත්වීමට නියමිතය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x