September 11, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අපේ පක්ෂයේ කුහකයින්ට ඉඩ නෑ | බොරු සහ වෛරය පතුරුවන්නේ නැහැ – අගමැති හරිනි

1 min read

ගමේ සිටින අනෙකාට උදව් කරන අනෙකා ගැන හිතන පුද්ගලයා ජවිපෙ නැතහොත් මාලිමාවේ සාමාජිකයකු බව අගමැතිනි හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. අසල්වැසියාගේ මගුලට, මරණයට, දානේ ගෙදරට උදව් කරන සුනාමියක් වැනි අනතුරුදායක අවස්ථාවක පෙරට එන්නේද සිය පාක්ෂිකයන් එම අදහස් හදවතෙහි ඇති පිරිස බවද ඇය අවධාරණය කරයි.

සිය පක්ෂය තුළ කුහකයන්ට සිටිය නොහැකි බවත් ජනතාවට බොරු කිරීමට තමන් කොන්දේසි විරහිතව විරුද්ධ බවද අගමැතිනිය සඳහන් කරයි.

සමාජයේ කුහකත්වය වෛරය වපුරන බවට තම කඳවුරට චෝදනා කළද වෛරය මතුවන්නේ විපක්ෂ දේශපාලන වේදිකාවෙන් බවද අගමැතිනි හරිනි අමරසූරිය සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් අගමැතිනිය මේ බව ප්‍රකාශ කළාය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x