September 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සරසවි ඇදුරු වැඩවැරුමෙන් වැඩ අඩාළයි

1 min read

විශ්වවිද්‍යාල පද්ධතියේ කලක සිට පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරු ඊයේ (09 වැනිදා) දීප ව්‍යාප්තව පැවැත්වූ එක්දින සංකේත සරසවි ඇදුරු වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම විශ්වවිද්‍යාලවල කටයුතු අඩාළ විය.

ඒ අනුව ඊයේ (09 වැනිදා) සියලුම විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයන කටයුතු, විභාග කටයුතු සහ ආචාර්යවරුන් සම්බන්ධවන සියලුම රාජකාරී කටයුතුවලින් ඉවත් වූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් චාරුදත්ත ඉලංගසිංහ පැවසීය.

වර්තමානය වන විට විශ්වවිද්‍යාල තුළ පවතින අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරිය ඇතුළු අදාළ පාර්ශ්ව වෙත ලිඛිතව දැනුම්දී ඇති බැවින් මෙම දින කිහිපයේදී එම ඉල්ලීමට ලැබෙන පිළිතුර අනුව එළැඹෙන සතියේදී නැවත වෘත්තිය ක්‍රියාමාර්ග දියත් කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේය.

එක්දින සංකේත වැඩ වර්ජනයට සමාමීව ඊයේ (09 වැනිදා) ඇතැම් විශ්වවිද්‍යාල ඉදිරිපිට නිහඬ විරෝධතා ද පැවැත්විණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x