September 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නාමල්ට එරෙහි සාක්ෂි ගැන සැකයි.. – සාගර කියයි

1 min read

නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සාක්ෂි විශ්වාසදායක නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වත්මන් රජය දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා දූෂණ විරෝධී නීති භාවිත කරන බවටද සාගර කාරියවසම් එහිදී පවසා සිටියේය.

නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් පවතින නීතිමය ක්‍රියාමාර්ගවලදී ඉදිරිපත් වන සාක්ෂි පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x