October 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

1 min read

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

යූටියුබ් නාලිකාවක් ඔස්සේ අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන්ගේ යුධමය හා දේශපාලනික න්‍යායපත්‍රයන්ට අනුගත වීම තුළින් ශ්‍රී ලංකාවේ පවතින නොබැඳි විදේශ ප්‍රතිපත්තිය මුළුමනින්ම බිඳවැටෙන බවයි.

විශේෂයෙන්ම ඉන්දියානු සාගර කලාපයේ පවතින බලපොරය හමුවේ NATO සංවිධානයේ මැදිහත්වීම් සහ යුධ ආධාර ලබාගැනීමට යාමෙන් කලාපීය බලවතුන්ගේ අප්‍රසාදයට ලක්වීමටත්, රටේ ජාතික ආරක්ෂාව මෙන්ම ස්වෛරීභාවය බරපතල ලෙස අභියෝගයට ලක්වීමටත් ඉඩකඩ පවතින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x