September 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් පිළිතුරක්

1 min read

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට සහ විනිසුරුවරු සංඛ්‍යාව වැඩි කිරීමට යෝජනා කර ඇති සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් එල්ල නොවන බව ශ්‍රී ලංකා රජය පවසා තිබේ.

විනිසුරුවරුන්ගේ සහ නිතීඥවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මාර්ගට් සැටර්ත්වේට් විසින් නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා රජය සිය නිල මතය ප්‍රකාශ කර තිබේ.

විශේෂ නියෝජිතවරිය සඳහන් කර ඇත්තේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගන්නා වයස ඉහළ දැමීම සඳහා යෝජනා කර ඇති සංශෝධන මගින් දැනට සිටින විනිසුරුවරුන්ගේද විශ්‍රාම වයස දීර්ඝ වන බවය.

එහිදී ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර ඇත්තේ මෙය විධායකයේ බලපෑමකින් තොරව සිදුවන්නක් බවය.

මෙම සංශොධනවල ප්‍රධාන අරමුණ වන්නේ අධිකරණවල අධික ලෙස නඩු ගොඩගැසීම සහ ප්‍රමාදයන් අවම කිරීම බවද අදාළ ලිපියේ දැක්වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x