September 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“අධිකරණය ඉදිරියේ අල්ලස් කොමිෂමට වෙනම නීති නෑ !” – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්

1 min read

අල්ලස් කොමිෂමේ ක්‍රියා කලාපය පිළිබඳව අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් විවේචනයට භාජනය කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින්, මෙහිදී පෙන්වා දුන්නේ, අධිකරණය ඉදිරියේ අල්ලස් කොමිෂමට වෙනම නීතියක් තිබිය නොහැකි බවත්, අල්ලස් කොමිෂම විසින් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට නිසි පරිදි වාර්තා කිරීම අවශ්‍ය බවත් ය. එසේ නොකර, “තවදුරටත් විමර්ශන සිදු කරන බව” පමණක් සඳහන් කිරීම නොකළ යුතු බවත් මහේස්ත්‍රාත්වරයා දැඩි ලෙස අවධාරණය කළේය.

පොලීසිය ඇතුළු අනෙකුත් විමර්ශන ආයතන සේම, අල්ලස් කොමිෂම ද අධිකරණ ක්‍රියාවලියට සහ නීතියට යටත් විය යුතු බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිෂමට වෙනම නීතියක් තිබිය නොහැකි බව පෙන්වා දුන්නේ ය. සිදු කරන විමර්ශනවල සැබෑ ප්‍රගතිය හා සාක්ෂි සම්පිණ්ඩන වාර්තා නිසි පරිදි අධිකරණයට ඉදිරිපත් කිරීමට කොමිෂම ක්‍රියා කළ යුතු බවද මෙහිදී අවවාද කෙරුණි.

“එයාර් බස්” ගනුදෙනුවට අදාළ නඩු විභාගය පිළිබඳ අවස්ථාවේ දී මෙම දැඩි අවවාදය සිදු කළ මහේස්ත්‍රාත්වරයා, අල්ලස් කොමිෂමේ නිලධාරින් දෙදෙනකු අධිකරණය ඉදිරියේ පෙනී සිටිනවානම්, ඔවුන් සමස්ත කොමිෂම නියෝජනය කරන බවට අධිකරණයට හැඟී යන බව ද පෙන්වා දුන්නේ ය.

ජනප්‍රිය පුවත්  විශ්වාසභංගයට පෙර අනුර ඉල්ලා අස් නොවුණොත් බිමල් අස්වෙයි!

“….අධිකරණය ඉදිරියේ කැඳවන නඩු සම්බන්ධයෙන් නිසි කරුණු ඉදිරිපත් කිරීමට ඔවුන් බැඳී සිටින බවත්, එසේ කරුණු ඉදිරිපත් නොකොට සිටීම නොකරන ලෙසත් දන්වා සිටියේය.

අධිකරණයේ ඉදිරියේ කැඳවන නඩු වලට කරුණු නිසි කරුණු ඉදිරිපත් කිරීමට නොහැකි නම් පෙනී නොසිටින ලෙසද දන්වා සිටියේ ය.

මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ පැමිණිල්ලෙහි වැඩිදුර විමර්ශන ප්‍රගතියක් හෝ සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් තවමත් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවය.

එබැවින් අල්ලස් කොමිසම නීසි අධිකරණ ක්‍රියාදාමය අනුගමනය කර නොමැති බවද පෙන්වා දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ මහේස්ත්‍රාත්වරයා මෙසේද පැවසීය.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒකක ගණනාවක් තියෙනවා. අපි හිතමු පරිගණක අපරාධ විමර්ශන අංශයට යම් නියෝගයක් නිකුත් කරනවා. ඒකේ ඉන්න ස්ථානාධිපති ඇවිල්ලා අධිකරණයට තියෙනවා. මම නෙවෙයි ස්වාමීනි මේ විමර්ශනය කරන්නේ වෙනත් නිලධාරියෙක්, ඔහුට නොතිසි නිකුත් කරන්න කියලා. ඔහුට එහෙම කියන්න බැහැ. යම් නිලධාරියකුට නියෝගයක් නිකුත් කළා නම් ඔහු දැනගන්න ඕනේ තමන්ගේ අදාල නිලධාරියට කියලා ඒ රාජකාරිය කරවන්න. අල්ලස් කොමිසමටත් එහෙමයි. මට හැමෝටම නියෝග නිකුත් කරන්න බෑ කොමිසමට නියෝගයක් නිකුත් කරහම ඒක ක්‍රියාත්මක කරන්න කොමිසම දැනගන්න ඕන…”

  • රසික මුතුගල
ජනප්‍රිය පුවත්  සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඇමෙරිකාවට!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x