October 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුව ඩබල් කැබ් 1000ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි !

1 min read

නවීන මාදිලියේ ඩීසල් ඩබල් කැබ් රථ 1,000ක් මිලදී ගැනීමට රජය නිල වශයෙන් ලංසු කැඳවා තිබේ. මෙසේ ටෙන්ඩර් කැඳවා ඇත්තේ ජනාධිපතිවරයාට යටතේ පවතින මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟිනි.

මෙම ටෙන්ඩරය සැප්තැම්බර් 29 වනදා නිවේදනය කර ඇති අතර එහි ලංසු කැඳවීම ඔක්තෝබර් 22 වැනිදායින් අවසන් වීමට නියමිතය. මෙහිදී ඩබල් කැබ් රථ 1000ට අමතරව ට්‍රැක්ටර් රථ 175ක්, බැකෝ යන්ත්‍ර 100ක්, ගලි බවුසර් 100ක් සහ ටිපර් රථ 160ක් මිලදී ගැනීමට ද මුදල් අමාත්යාංශය වෙන වෙනම ලංසු කැඳවා ඇත. කෙසේවෙතත් මෙයින් විශාලතම මිලදී ගැනීම වන්නේ ඩබල් කැබ් රථ 1000 ටෙන්ඩරයයි.

මීටපෙර 2025 ඔක්තෝබර් මාසයේදී මුදල් අමාත්‍යාංශය විසින් කැඳවන ලද රථ 1,775ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩරයක් කැඳවා තිබුණු නමුත් එහිදී එක් සමාගමකට පමණක් වාසිදායක පරිදි ටෙන්ඩර් කොන්දේසි සකස් කර ඇති බවට බරපතළ චෝදනා එල්ල වූ බැවින් පසුව එය අත්හැර දමන ලදී.

ඊට සාපේක්ෂව මෙවර ටෙන්ඩරයේදී තාක්ෂණික සහ සුදුසුකම් සපුරාලීමේ කොන්දේසි රැසක් ලිහිල් කර ඇති බව දැකගත හැකිය.

ජනප්‍රිය පුවත්  විමල් වීරවංශට එරෙහිව ධම්මිකගේ හේලීස් සමාගම වාරණ නියෝගයක් ලබාගනී !

පසුගිය ටෙන්ඩරයේදී එන්ජින් ධාරිතාව අවම වශයෙන් 2,500 cc විය යුතු බවට පැවති කොන්දේසිය මෙවර 2,400 cc දක්වා අඩු කර ඇති අතර, අවම එන්ජින් බලයද සියයට 7 කින් පහත හෙළා තිබේ. එසේම මීට පෙර රථයක බිම් මට්ටමේ සිට උස (Ground clearance) මිලිමීටර් 300 ඉක්මවිය යුතු බවට අධික සීමාවක් පනවා තිබුණද, මෙවර එය මිලිමීටර් 220 ට වඩා වැඩි විය යුතු ලෙස සංශෝධනය කර ඇත. ලංසුකරු සතු වියයුතු සේවා මධ්‍යස්ථාන පිළිබඳ කොන්දේසිය ද මෙවර ලිහිල් කර ඇති අතර අදාළ වාහන මාදිලියෙන් මීට පෙර අලෙවි කර තිබිය යුතු රථ සංඛ්‍යාව 1,000 සිට 500 දක්වාද, සමාගමේ සාමාන්‍ය වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 10 සිට බිලියන 8 දක්වාද අඩුකර ඇත.

එහෙත් ලංසු සුරැකුම්පත රුපියල් මිලියන 50 සිට රුපියල් මිලියන 250 දක්වා පස් ගුණයකින් ඉහළ නංවා ඇති අතර, ණය පහසුකම් හෝ ද්‍රවශීල වත්කම් මඟින් රුපියල් බිලියන 05 ක මූල්‍ය ශක්තියක් තහවුරු කිරීමද නව ටෙන්ඩරය මඟින් අනිවාර්ය කර ඇති බවත් සඳහන්.

ජනප්‍රිය පුවත්  හිරු ට එරෙහිව පියවර ගන්න – පොලිසීය| ජනතාවගේ අයිතියට බලපෑම් එපා – හිරු

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x