October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම දෙසැම්බර් මැද භාගයේදී

1 min read

ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර යෝජිත ද්විපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුම සඳහා වන අනුමැති ක්‍රියාවලිය කෙටි කිරීමට දෙපාර්ශ්වයම පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව, යෝජිත ද්විපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) සඳහා මෙම වසරේ දෙසැම්බර් මැද භාගය වන විට අවසන් අනුමැතිය ලබාගැනීමට හැකිවෙනු ඇතැයි ඉන්දියාව පවසයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර නිරත වීමට නියමිත සංචාරයට සමගාමීව මෙම පියවර ගෙන ඇති බව පැවසෙයි.

අමෙරිකාවේ මියාමි හි පැවැත්වෙන G20 සමුළුවට සහභාගී වී නැවත පැමිණෙන අතරතුර අගමැති මෝදි බ්‍රසල්ස් නුවර නිරත වන සංචාරයේදී එනම් දෙසැම්බර් 17 හෝ 18 යන දිනවල මෙම ගිවිසුමට අත්සන් තැබීමේ අවසන් ඉලක්කගත දිනය ලෙස දෙපාර්ශ්වය විසින් නියම කර ඇති බවද වාර්තා වෙයි.

වර්තමාන නොසන්සුන් ගෝලීය භූ-දේශපාලනික තත්ත්වයට සාර්ථකව මුහුණදීම සඳහා ඉන්දියාව සමග ඇති කරගන්නා මෙම නිදහස් වෙළඳ ගිවිසුම අනුමත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරන ලෙස යුරෝපීය කොමිසම විසින් යුරෝපීය කවුන්සිලයෙන් ඉල්ලීමක් කර ඇති අතර, එම තීරණයත් සමග මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

ජනප්‍රිය පුවත්  බොරතෙල් මිල සංශෝධනය වෙයි..!

මෙම අනුමැති ක්‍රියාවලියට අදාළ පටිපාටිගත ගැටලු නිරාකරණය කරගැනීම සඳහා ඉන්දීය නියෝජ්‍ය වාණිජ අමාත්‍ය රාජේෂ් අග්‍රවාල් මෙම සතියේ බ්‍රසල්ස් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

මේ අතර, ඉන්දීය වෙළඳ අමාත්‍ය පියුෂ් ගෝයල් ඔක්තෝබර් 22 සිට 27 දක්වා යුරෝපා සංගමයේ ප්‍රධාන රටවල් දෙකක් වන ජර්මනියේ සහ නෙදර්ලන්තයේ සංචාරයක නිරත විය.

එම සංචාරය අතරතුර ඔහු පෙන්වා දුන්නේ මෙම ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම මගින් වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම, සැපයුම් දාම ශක්තිමත් කිරීම මෙන්ම වෙළඳ හා ආයෝජන ප්‍රවාහයන් සඳහා නව මංපෙත් විවර වන බවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x