October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගීත කතෘභාග අර්බුදයට ගායක ගායිකාවන් විසඳුම් ඉල්ලයි

1 min read

ගීතවල ප්‍රකාශන හිමිකම (කතෘභාගය) සම්බන්ධයෙන් පවතින ගැටලු සහ ඇතැම් පෞද්ගලික ආයතන විසින් කලාකරුවන්ට සිදුකරන අසාධාරණයන් සම්බන්ධයෙන් හෙළිදරව් කරමින් ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය විසින් අද (28) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

එහිදී සංගමයේ සභාපති, ප්‍රවීණ ගායක ජගත් වික්‍රමසිංහ මහතා පැවසුවේ 2003 වසරට පෙර නිර්මාණය වූ කිසිදු ගීතයකට කතෘභාග ගෙවිය යුතු නොමැති බවය.

ජනාධිපති කමිටුවේ අවසන් තීරණය ලැබෙන තෙක් කිසිදු බාහිර ආයතනයකට කතෘභාග ගෙවීමට නොයන ලෙස සංගමය කලාකරුවන්ගෙන් ඉල් සිටියි.

කලාකරුවන්ට Singras.lk වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වී තම ගීතවල අයිතිය තහවුරු කරගන්නා ලෙස දන්වා සිටී.

මෙම ප්‍රශ්නවලින් 99% කටම විසඳුම් ලබා ගැනීම සඳහා රජය මැදිහත්වී, රාජ්‍ය ආයතනයකට අනුබද්ධිතව නිසි ක්‍රමවේදයක් යටතේ කතෘභාග එකතු කිරීමේ සහ බෙදාදීමේ යාන්ත්‍රණයක් සකස් කර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ජගත් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ඒ මහතා පෙන්වා දුන්නේ, ඇතැම් පාර්ශ්වයන් තමාට අයිති නැති ගීතවල පවා කතෘභාගය ලබාගැනීමට ඉදිරිපත් වී ඇති බවත් එබැවින් වර්තමානයට ගැලපෙන පරිදි නීති සංශෝධනය විය යුතු බවත්ය.

ජනප්‍රිය පුවත්  22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..

නීත්‍යානුකූලව ගීතයක අයිතිය නිර්වචනය වී ඇත්තේ පදරචකයාට සහ තනු නිර්මාපකයාට පමණක් වන අතර, ප්‍රාසාංගික ඉදිරිපත් කරන්නාට (ගායකයාට) එහි නිසි අයිතියක් නොමැති වීම ගැටළුවකි.

බුද්ධිමය දේපළ කාර්යාලයේ ලියාපදිංචි වී ඇතැම් ආයතන ප්‍රසංග ආදියෙන් කතෘභාග එකතු කළද, එම මුදල් ගායන ශිල්පීන් කිසිවකුටත් නිසි ලෙස ගෙවා නොමැත.

උදාහරණයක් ලෙස, කොළඹ ප්‍රසංගයකදී ගීතයක් සඳහා රුපියල් 10,000ක මුදල් අය කරන නමුත්, විගණන වාර්තා ඉල්ලූ විට ඒවා ලබාදීමට අදාළ සමාගම් අපොහොසත් වී ඇති බව මෙම සංගමය පෙන්වා දෙයි.

දැනට කතෘභාග එකතු කරන ආයතන අතර විදේශීය සමාගම්ද වන බැවින්, අවසානයේ රටේ මුදල් විදේශයන්ට ඇදී යාමේ අවදානමක් පවතීන බව ඔවුන් පෙන්වා දෙති.

මෙම මුදල් එකතු කිරීම් සහ මූල්‍ය විනිවිදභාවය නොමැතිකම සම්බන්ධයෙන් බුද්ධිමය දේපළ කාර්යාලයට, වෙළඳ අමාත්‍යාංශයට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බවද ප්‍රවීණ ගායක ජගත් වික්‍රමසිංහ පවසයි .

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x