නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්..
1 min read
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.
