October 21, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බාල ගල්අඟුරු නිසා මිලියන 18,368ක පාඩුවක් – එස්. එම්. මරික්කාර්

1 min read

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය සහ හදිසි ගල්අඟුරු මිලදී ගැනීම් හේතුවෙන් රුපියල් මිලියන 18,368ක පාඩුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

අද (20) පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, යටිතල පහසුකම් සහ උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සිදුකළ විමර්ශනයේදී මෙම කරුණු අනාවරණය වූ බවය.

විධිමත් තත්ත්ව පරීක්ෂාවකින් තොරව ආනයනික ගල්අඟුරු තොග භාවිතයට ගැනීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එම වාර්තාවට අනුව, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු වැඩිපුර භාවිත කිරීම, අතිරේක නඩත්තු කටයුතු, අළු ප්‍රවාහනය සහ විදුලි නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් අමතර වියදම් දැරීමට සිදුව තිබේ.

මරික්කාර් මහතා වැඩිදුරටත් පැවසුවේ, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු වැඩිපුර භාවිත කිරීමෙන් රුපියල් මිලියන 7,099ක පාඩුවක් ද, අතිරේක නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 80.4ක වියදමක් ද, අතිරේක අළු ප්‍රවාහනය සඳහා රුපියල් මිලියන 13.1ක වියදමක් ද සිදුව ඇති බවය.

එමෙන්ම, මෙගාවොට් 300ක විදුලි නිෂ්පාදනයක් අහිමිවීම හේතුවෙන් විකල්ප විදුලිය මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 8,572ක් වැය වී ඇති බවද ඔහු සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  විශ්වාස භංගය ජයගැනීම නිමිත්තෙන් අධිකරණ ඇමති වෙනුවෙන් යෝධ කටවුට් ගහලා..

ගල්අඟුරු නැව් පහක් හදිසි මිලදී ගැනීම් හේතුවෙන් රුපියල් මිලියන 2,284ක පාඩුවක් ද, හදිසි මිලදී ගැනීමේ නෞකාව ප්‍රමාද වීම හේතුවෙන් රුපියල් මිලියන 402.8ක පාඩුවක් ද සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවෙතත්, ලෝක වෙළෙඳපොලේ ඩීසල් මිල ඉහළ යාමත් සමඟ රජය ලබාදුන් රුපියල් 100ක සහනාධාරය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැරූ පාඩුව මෙම ගණනය කිරීම්වලට ඇතුළත් කර නොමැති බවද මරික්කාර් මහතා පැවසීය.

එම වියදම් සහ පාඩුද ගණනය කරන ලෙස අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන් කළ මන්ත්‍රීවරයා, ඒ අනුව දැනට හඳුනාගෙන ඇති සමස්ත පාඩුව රුපියල් මිලියන 18,368.89ක් බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x