October 21, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පැය 42ක ජල කප්පාදුවක් – ජලය කැපෙන තැන් මෙන්න

1 min read

හාරිස්පත්තුව පූජාපිටිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්‍ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව, හෙට 21 වන බදාදා දින පෙ.ව 09.00 සිට 23 වන සිකුරාදා දින ප.ව 3.00 දක්වා පැය 42ක කාලයක් මෙම ජල සැපයුම් අත්හිටුවීම ක්‍රියාත්මක වේ.

මැදවෙල (පැරණි) සේවා ජලාශය:

කැවුම්කොහේ පාර, ගෝණිගොඩ, ජයන්ති පාර, ගුරුකැවේ, පල්කුඹුර, ඉඩමේගම, අරඹේගම, ගොරොක්ගස් අංග පාර, එළමල්පත, කෝටුතැන්න, පෙතියාගොඩවත්ත, කළුවාන, බෝතොට, හරංකහතැන්න, දොඩම්තැන්න, කුඹුරේගෙදර, දෙඹරලොව, තිබ්බුට්ට සහ තලපැලැල්ලේගොඩ පාර.

මැදවෙල (නව) සේවා ජලාශය: බටුගොඩ, ඇහැඅළගස්හින්න, දිද්දෙණිය, ඕවිස්ස, වටගොඩ, දොඹගම්මන, හෑදෙණිය, සූරියකුඹුර, අඹරුප්ප, හරන්කහට, බොක්කාවල, වලතැන්න සහ පතිරාදා.

ගල්ලෙන වත්ත ප්‍රදේශය: ගල්ලෙනවත්ත සහ බාන් අංග.

ගලගෙදර ප්‍රදේශය: ගලගෙදර, වෑමඩ, බෝයගොඩ ආශ්‍රිත ප්‍රදේශ, රඹුක්කන පාර, පොහොලියද්ද පාර සහ කුරුණෑගල පාර.

මාවතගම ප්‍රදේශය: මාවතගම, බරන්දන පාර, රඹුක්කන පාර, පරගහදෙණිය, යටිවිල්ල, මිල්ලව සහ පිලැස්ස.

ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටින අතර, මෙම කාලසීමාව තුළ රැස්කර ගන්නා ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

ජනප්‍රිය පුවත්  ත්‍රිකුණාමලයේ පන්සල කඩන්න පරිසරයෙන් නියෝග! හාමුදුරුවන්ට ''ඔබ" ලු!
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x