October 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

Mbappé නිසා Real Madrid පාපන්දු සංගමය චීන ජනතාවගෙන් සමාව අයදී

1 min read

Real Madrid පාපන්දු සංගමයේ ක්‍රීඩක Kylian Mbappéගේ නොසැලකිලිමත් ප්‍රකාශ සම්බන්ධයෙන් එම පාපන්දු සංගමය නිල වශයෙන් චීන ජනතාවගෙන් සමාව අයැද සිටියා. Real Madrid පාපන්දු සංගමය ඊයේ (28) සවස ස්පාඤ්ඤයේ ඉහළම පාපන්දු ලීගය( La Liga) හරහා චීන මාධ්‍ය සමූහය වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

චීනය, චීනයේ ඉතිහාසය, සංස්කෘතිය සහ ජනතාව කෙරෙහි Real Madrid පාපන්දු සංගමය ඉහළ ගෞරවයක් පවතින බව එම ලිපියේ සඳහන් කර ඇතැයි වාර්තා වනවා. Kylian Mbappé විසින් මීට පෙර නිකුත් කරන ලද ප්‍රසිද්ධියේ සමාව අයැදීමේ ප්‍රකාශය ද එම ලිපිය සමග අමුණා තිබෙනවා. එමගින් ඔහු සිය ප්‍රකාශය පිළිබඳ පසුතැවීම පළ කර ඇති අතර චීන ජනතාව කෙරෙහි පවතින ගෞරවය නැවත අවධාරණය කර ඇතැයි චීන මාධ්‍ය සමූහය වාර්තා කළා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x