October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හෝමාගම පොලිස් භාරයේ සිටි තරුණයාගේ මරණය – ඥාතීන්ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

1 min read

හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටියදී මියගිය ඉෂාර හර්ෂ කුමාරගේ ඥාතීන් විසින් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මියගිය පුද්ගලයාගේ බිරිඳ සඳහන් කළේ, සිය සැමියාගේ මරණයට වගකිව යුතු බවට චෝදනා එල්ල වන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවය.

එම නිලධාරීන්ට එරෙහිව මෙතෙක් ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් ඇය, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන නිසි දඬුවම් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියාය.

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු මියයෑමේ සිද්ධිය පසුගිය 25 වැනිදා වාර්තා විය.

කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාර නමැත්තා අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී පොලිස් පහරදීමකට ලක්වූ බවට ඔහුගේ ඥාතීන් චෝදනා කර තිබුණි.

පසුව ඥාතීන්ගේ ඉල්ලීම මත ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබූ අතර, එහිදී ඔහු මියගොස් තිබුණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x