October 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශිරන්තිට විදෙස් ගමන් තහනමක්?

1 min read

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙත ලබාදී ඇති දීර්ඝ කළ කාලසීමාව තුළ ඇය නොපැමිණිය හොත්, ඇයට එරෙහිව විදෙස් ගමන් තහනම් නියෝගයක් ලබාගැනීමට එම විමර්ශන කොට්ඨාසය සූදානම්වන බව වාර්තා වේ.

‘සිරිලිය සවිය’ සංවිධානයට අදාළ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මියට FCID හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, ඇය වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගොස් සිටින බැවින් නියමිත දිනයේ පැමිණීමට නොහැකි බව ඇයගේ නීතිඥවරයා මාර්ගයෙන් FCID වෙත දැනුම් දී තිබූ අතර, එසේ පෙනීසිටීමට අමතර දින 14ක කාලයක්ද ඉල්ලා තිබිණි.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය සැප්තැම්බර් 16 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබූ අතර, ඇයට සැප්තැම්බර් 24 වැනිදා FCID හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

මේ අතර, FCID හමුවේ පෙනී සිටින ලෙස ඇයට අදාළ දැනුම්දීම සිදු කර ඇත්තේ ගුවන් තොටුපොළේ පිටත්වීමේ දොරටුව අසලදී බවද පැවසේ.

FCID විමර්ශනය ‘සිරිලිය සවිය’ සංවිධානයේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළ වන අතර, එහිදී රුපියල් මිලියන 10ක PET ස්කෑන් යන්ත්‍රයක් සඳහා ලබාදුන් පරිත්‍යාග මුදලක් එම සංවිධානයට අයත් ගිණුමකට ගිය බවට ඇති කරුණක් සම්බන්ධයෙන්ද විමර්ශනය කෙරෙන බව මීට පෙර වාර්තා වී තිබේ.

ජනප්‍රිය පුවත්  විමල්ට තලංගම පොලිසියෙන් දැනුම්දීමක්

කෙසේවුවද, ඇයට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගතහොත් ඇය නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමේ තත්ත්වයක් ඇතිවිය හැකි බවද මේ අතර වාර්තා වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x