භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. – මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
1 min read
පූජ්ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්රී කල්යාණී සාමග්රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.
එම පාගමන දේශපාලන ගමනක් බව කිසිවෙකු හෝ පවසනවා නම් එය තරයේ ප්රතික්ෂේප කරන බවත්, භික්ෂූන් වහන්සේලා එකතුවූයේ බුදු දහම වෙනුවෙන්, බුද්ධ චීවරය වෙනුවෙන් සහ මෙරට ඓතිහාසික වටිනාකම වෙනුවෙන් බවත්, ආණ්ඩුව පෙරළීම සඳහා නොවන බවත් උන්වහන්සේ පවසති.
වර්තමාන භික්ෂුව භේද බින්න වී නැති බවත් පවසන උන්වහන්සේ, යම් යම් පුද්ගලයන් එසේ සිතූවත්, භික්ෂූන් වහන්සේලා බුදු දහම වෙනුවෙන් එකට එකතුවන බවත් සඳහන් කරති.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
