September 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නිර් ප්‍රභූ මනස

1 min read

මම කියන්නේ කළණ ගුණසේකර නළු බුවා ‘දැන් එහෙම ප්‍රභූ එකක් නෑ. ඒ මිනිස්සු හරි හොඳයි’ කියලා කියන්නේ ඉතාම අවංකව.

කළණ කියන්නේ තනි පුද්ගලයෙක් කියලා අපි අමතක කරමු. තනි පුද්ගලයන් ගැන කතා කිරීම, විශ්ලේෂනය කිරීම තේරුමක් නැහැ.

නමුත් කළණ ගුණසේකර ලංකාවේ දේශපාලනයේ සෑහෙන පරාසයක් නියෝජනය කරන එක පිරිසක, කල්ලියක, පන්තියක එක නියෝජනයක්. සංකේතයක්. කළණ විශාල කොටසක එකක්.

ඒ කොටස, පිරිස, කල්ලිය, පන්තිය ලාංකික දේශපාලනයේ විශාල මතවාදීමය බලපෑමක් කරනවා. අන්න එතැන දී කළණ ගුණසේකර කියන සාධකය වැදගත්. ඒ අර්ථයෙන් අපි කළණ විශ්ලේෂනය කළ යුතුයි.

කළණලා ඇත්තටම හිතාගෙන හිටියේ ලංකාවේ නපුරු ප්‍රභූ පන්තියක් තියෙනවාය, තමන් විඳපු දුක් වලට හේතුව ඒ කට්ටියයි කියලා. ඒ ප්‍රභූ පන්තිය රාක්ෂයො කියලා කළණලා හදවතින්ම විශ්වාස කළා
කළණලාට ඇත්තටම ඊනියා ප්‍රභූ යැයි කළණලා හිතන මිනිස්සු දිහා, මිනිස්සු විදියට ඇස් කෙලින් බලලා ඩීල් කරන්න බැහැ. ඔවුන්ට නම කියලා කතා කරන්න බැහැ. කළණලා තමන් උසස් කියලා හිතන් ඉන්න මිනිස්සු ඉස්සරහා ඇඹරෙන, දුර්වල පෞරුෂ තියෙන මිනිස්සු.

ඒකත් කළණලාගේ දුර්වලකමක් නෙවෙයි. කළණලා සමාජයෙදි විඳපු දුක්, කොන්කිරීම් නිසා ඔවුන් සමාජයට වෛර කළා.

ඒ වගේම ඔවුන්ගේ විශ්වාස පද්ධතිය විසින් ඒ මිනිසුන් රාක්ෂයන් විදියට කළණලාට උගන්නලා තිබුණා.

කුමක් හෝ දෙයක් නිසා රැඩිකල් කලාකාරයෙක් වුණාම, කළණට ඊලගට උවමනා අර නපුරු ඉහළ සමාජය විනාශ කරන්න.

කළණලාගේ, ජගත් මනුවර්ණලාගේ දේශපාලනය වෙන්නේ ඒක. ඒ කට්ටිය අරගලයේ රැඩිකල් විදියට ප්‍රභූන්ට මරණය ඉල්ලුවා. ඔවුන් ප්‍රභූන්ට එරෙහිව හිංසාකාරී සටනක් කළා.

ජගත් නම් ප්‍රභූ සමාජයට නිකන්ම ලැබෙනවා කියලා ඔහු හිතපු, ලැම්බෝගිනි කෙළින්ම ඉල්ලා සිටියා.

නමුත් මේ අරගල දේශපාලනයෙන් ප්‍රභූ සමාජය බිඳ දැමීමේ උත්සාහය අසාර්ථක වුණාම, සමාජය නෝමලයිස් වුණාම ඔවුන් අනුර බලයට ගෙනල්ලා ප්‍රභූන් විනාශ කරන්න හැදුවා.

ජනප්‍රිය පුවත්  අසමත් කිං!

නමුත් ඒ අනුරලාත් ක්‍රිෂාන්ත කුරේලා, ධම්මිකලා හරහා ඒ සමාජයට අවශෝෂණය වුණා. අනුරලා ප්‍රභූන් විනාශ කරන්න ගියේ නැහැ. (තෝරාගත් දේශපාලන ප්‍රතිවාදීන් යනු ප්‍රභූ සමාජය නොවේ)

එතන ඉඳලා බලාපොරොත්තු කඩවෙච්ච කළණ බුවාගේ ඊලඟ උත්සාහය වුණේ ඒ පන්තියට පැනගැනීම.

මුලින් ඉහළ සමාජය කඩලා බිඳලා තමන් ඉන්න සමාජය ඉහළ සමාජය කරන්න හැදුවා. බැරි වුණා.

ඊටපස්සේ තමන් පුද්ගලිකව ඉහළ සමාජයට පැනගන්න උත්සාහ කරනවා. ඒ තමයි ඔවුන්ගේ පුද්ගලික අරගලය සහ අභිලාෂය.

ඔහු තරුණියකගේ මාර්ගයෙන් කළේ ඒක. කළණලා නෝංජල් චරිත කියලා අපි ලිව්වේ ඒකයි.

ගැහැණුන්ගෙන් යැපෙන, ගැහැණුන්ගෙන් සමාජය, ධනය සහ පිළිගැනීම ලබා ගන්න හදද්දි ඒක නෝංජල් වැඩක්.

එදා ඒ ක්‍රියාව ඩිෆෙන්ඩ් කරපු සමහර වාමාංශික මහත්වරු අද කළණගේ කතාවට තරහා අරන් තියෙනවා දැක්කා.

අපිට නම් දේවල් බොහෝ දුර තියා පෙනෙනවා. ඔය බොහෝ මහත්වරුන්ට කියවා ගත නොහැකි තත්ත්වයන් අපි බොහෝ කලක සිට කියවා ගන්නවා.

කළණගේ විවාහයෙන්ම අපි කළණගේ අභිලාශ කියවා ගත්තා.

කොහොමහරි ඒ සමාජයට පැනගත්තම බුවා ඊලගට බලාපොරොත්තු වෙන්නේ ඊනියා ඉහළ සමාජයේ මිනිස්සු තමන්ට ටොකු අනීවි කියලා. තමන් පහත් කරාවි ය කියලා.

පොඩි කාලේ බලපු අඹ යාලුවො ටෙලි නාට්‍යයේ නිමල්ට, සුනිල්ගේ පවුල සැලකුවා වගේ සලකාවී කියලා.

ඔහු වුනත් ඒ නොසැලකිල්ලට හුරු වෙලා, ඒක පිළිගන්න සුදානමින් ඉන්නේ. ඒත් ඔහුට ඉතාම ඉක්මණින් පෙනෙනවා “මේත් සාමාන්‍ය මිනිස්සු” කියලා. බුවා පුදුම වෙනවා.

අන්න එතන දී තමයි බුවා පුදුම වෙලා කියන්නේ “එහෙම එකක් නෑ. ආන්ටි හරිම හොඳයිනේ. මට තේ එකකුත් හදලා, හොඳම මග් එකක දුන්නා. දැන් ප්‍රභූ කියලා එකක් නෑ. ඒ ඉස්සර. දැන් ඉන්නේ සුන්දර මිනිස්සු” කියලා.

මිනිහා බලාපොරොත්තු වුණේ පොඩි, අඬුව කැඩිච්ච කෝප්පයක තේ බොන්න.

හැබැයි මිනිහා මුහුණ දෙන අර්බුධය ඇතිවෙන්නේ ටික කාලයකින්.

ජනප්‍රිය පුවත්  පාස්කු ජාතකය

මිනිහා හිතන ඊනියා ඉහළ සමාජය මිනිහට හොඳින් සලකද්දී, මිනිහා අභ්‍යන්තර අර්බුධයකට මුහුණ දෙනවා.

මිනිහාගේ ‘ඊනියා ඉහළ සමාජයක් ලංකාවේ තියෙනවාය, ඒ ඉහළ සමාජය ඉලුමිනාටි වගේය’ කියලා තිබුණු අදහස බිඳ වැටීමෙන් මිනිහා කඩා වැටෙනවා.

මිනිහා බලාපොරොත්තු වුණේ ජෙෆ්‍රි ඒප්ස්ටින් එක්ක වෙනම දූපතක සාද දාපු ප්‍රභූ පන්තියක්. මිනිහට ඕන වුණේ තරුණියක් හරහා එහෙම සමාජයකට රිංගා ගන්න.

බලන් යද්දි එහෙම එකක් නෑ. එතනත් ඉන්නේ සාමාන්‍ය පවුලක්. ඒ පවුලේ අම්මා තේත් හදනවා.

ඒ බලාපොරොත්තු බිඳ වැටීම මිනිහා දරා ගන්න බැරි වෙනවා.

අන්න එතැන දී බුවා ඔය පවුල් වලට සේවකයෙක් විදියට හෝ සම්බන්ධ වෙන අතීතයේ තමන්ගේ පන්තියේ මිනිස්සුන්ව උපරිමයෙන් තලන්න, පීඩාවට පත් කරන්න කටයුතු කරනවා.

ඔවුන් ඉදිරියේ තමන්ගේ ඔලුවේ ඉන්න ‘ප්‍රභූ හාමු’ වගේ හැසිරෙනවා.

මිනිහා හිතනවා ඒක තමයි ප්‍රභූත්වය කියලා. අර ඉහළ සමාජයට නැති වී ගිය ප්‍රභූත්වය තමන් හෝ ආරක්ෂා කරන සටනක් මිනිහා පටන් ගන්නවා.

යථාර්තය බම් ඇත්තටම බුවා සම්බන්ධ වුණේ අතිශය ධනවත් හෝ මහා රදළ පවුලකට නෙවෙයි.

සාමාන්‍ය ඉහළ මධ්‍යම පාන්තික පවුලකට. නමුත් ඒ පවුලේ ඇතැම් දුර ඥාතීත්ව නිසා සහ මිනිහාගේ ලෝකය අනුව ඒ පවුල උසස්, ප්‍රභූ පවුලක්.

මම ඕනෑම ඔට්ටුවක් දානවා.

ඒ පවුලේ සේවකයන්, රියදුරන්ට ඔය බුවා ඉතාම නරක විදියට සලකන්න පටන් ගන්නවා. ඔවුන් පහත් කරන්න පටන් ගන්නවා.

ඒ තමයි කළණගේ අභ්‍යන්තර අරගලය. කළණලාගේ ලෝකයේ හීනමාන පිරිලා. කළණලා දේශපාලනය කළේ ඒ හීනමාන වෙනුවෙන්.

එතන කිසිම දේශපාලනික අදහසක්, රට ගැන හැඟීමක්, දැක්මක් නැහැ. අප පුනා පුනා කියන්නේ ඒක.

මම දැක්කා ඒ විවාහ උත්සවයට ඇවිල්ල ජගත් මනුවර්ණ හෙටක් නෑ වගේ නටනවා.

කළණට වඩා ජගත් කපටියි.

ජගත් දැනන් හිටියා ඉහළ සමාජයේ ප්‍රභූත්වය පුස් කියලා. හැබැයි මිනිහා දැනන් හිටියා ඉහළ සමාජයේ ‘ධනය’ ඇත්ත කියලා.

ජනප්‍රිය පුවත්  රටම විකුණන ගල් අඟුරු හොරු

මිනිහට උවමනා වුණේ ඒ සමාජයට ගිහින්, ධනය අත්පත් කරගන්න.

මිනිහාගේ දේශපාලනය සහ අභ්‍යන්තර අරගලය ඒක. මිනිහා කෙළින්ම ප්‍රෙස් එකක නාමල්ට තියෙනවාය කියලා මිනිහා හිතපු ‘ලැම්බෝගිනියක්’ ඉල්ලුවේ ඒකයි.

මිනිහාගේ භාවිතාව තුළම මිනිහා මුදල් සම්බන්ධයෙන් තක්කඩියෙක්. පාතාලයන්ගෙන් සල්ලි අරන් නාට්‍ය හැදුවා. පීරමීඩකාරයන්ගෙන් සල්ලි අරන් චිත්‍රපට හැදුවා.

කොහොමහරි මිනිහා දේශපාලනයෙන් පාර්ලිමේන්තුවට පැනගත්තා. දැන් මිනිහා ධනය අත්පත් කරන් අවසන්.

කළණගේ විවාහයේ මිනිහා ඉතාම සතුටින්, ප්‍රීතියෙන් නටන්නේ මිනිහා මිනිහාගේ අරමුණ ඉටු කරගත්තාය කියලා. අවසානයේ දැන් සල්ලි තියෙන , බලය තියෙන තමන් ‘ප්‍රභූ’ විවාහයකටත් ඇවිල්ලා කියලා.

කලෙක ඔවුන් විනාශ කරන්න හැදු සමාජයට අවසානයේ පැන ගැනීමේ සතුට ඒ.

මම පුන පුනා කියන්නේ අරගලය වේවා, ඊනියා රැඩිකල් බුවාලාගේ දේශපාලනය කියන්නේ මේ අභ්‍යන්තර හීනමාන අරගලය.

එතන දේශපාලනයක් නැහැ. පුළුල් දැක්මක් හෝ අදහසක් නැහැ.

හුදෙක්ම තමන්ගේ පුද්ගලික ජීවිතයේ හීනමාන, බිඳ වැටීම්, හිස්තැන් පුරවා ගැනීමේ තනි, පුද්ගලික සටනක්.

දේශපාලනය කියන්නේ ඒකට නෙවෙයි. දේශපාලනය ජාතික වැඩක්. දේශපාලනයේ ඇත්ත මතයක්, සාරයක් තියෙනවා.

පුද්ගලික ඇරියස් දේශපාලනයේ භාවිතා වෙන්නේ නැහැ. භාවිතා වුණත් එතැන තියෙන්නේ පුළුල්, ජාතික වැඩක්.

අපි කියන්නේ ලංකාවේ මිනිස්සු කළණලාගේ, ජගත්ලාගේ ඒ පුද්ගලික හීනමාන පියවා ගැනීමේ සටන, මාටීං ලූතර් කිංග්ගේ අරගලයක් වගේ දැකලා රැවටුණා කියලා.

දැන් ඔවුන් කළණලා, ජගත්ලා තමන්ගේ පුද්ගලික ඉරණම ඉටු කරගත්තම ‘අනේ තමුසෙලා අපි රැවැට්ටුවා’ කියලා අඬලා වැඩක් නෑ.

මිනිසුන් තේරුම් ගැනීමට නොහැකි වීම මහජනයාගේ මුග්ධකම මිසෙක කළණලාගේ, ජගත්ලාගේ අවුලක් නෙවෙයි.

  • Sachin Rathwatte
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x