දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. – අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
1 min read
දිවුලපතාන ගම්මානයේ සිංහල ගොවීන්ගේ වගාබිම්වලට ගවයින් මුදාහැර හානිකිරීමේ සිදුවීම පිළිබඳ රජයේ අවධානය යොමුවිය යුතු බව දිඹුලාගල ආරණ්ය සේනාසනාධිපති පූජ්ය දිඹුලාගල රාහුලාලංකාර හිමි පවසයි.
උන්හන්සේ මේ බව ප්රකාශ කළේ අග්රාමාත්යවරිය ආරණ්ය සේනාසනය වෙත ඊයේ (24) පැමිණි අවස්ථාවේදීය.
අග්රාමාත්ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ ඓතිහාසික දිඹුලාගල ආරණ්ය සේනාසනය වෙත පැමිණියේය.
එහිදී ආරණ්ය සේනාසනාධිපති පූජ්ය දිඹුලාගල රාහුලාලංකාර හිමි පවසා සිටියේ යුද සමයේ මිනිසුන්ට තිබුනේ සිවුරේ ශක්තිය බවයි.
වීඩියෝව නරඹන්න..
