“සිවුරට දඬුවම් දෙන එකට මම කැමති නැහැ.. පුද්ගලයෝ වැරදි කළාට සිවුරට දඬුවම් දෙන්න බෑ” – ඇමති ලාල් කියයි
1 min read
සිවුරට දඬුවම් දෙනවාට තමන් පෞද්ගලිකව අකමැති බවත්, සුද්දාගේ කාලයේත් සිවුරට දඬුවම් දුන් බවත් ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
පුද්ගලයෙක් වරදක් කළාට සිවුර වැරදිකාරයෙක් නොවන බවත් කුමන හෝ කමිටුවකින් මෙය වෙනස් කරන්නේ නම් තමන් එහිදී ද පවසන්නේ සිවුරට දඬුවම් දීමට නොහැකි බවත්, පුද්ගලයකුට දඬුවම් දීමට හැකි බවත් යැයිද ඔහු පවසයි.
ඥානසාර හිමියන් අවංක බවත්, උන්වහන්සේව විවිධ පුද්ගලයන් හැමදාම තම අරමුණු වෙනුවෙන් පාවිච්චි කළ බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
