October 21, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රීලන්කන් ගුවන් සමාගමෙන් විශේෂ දැනුම්දීමක්

1 min read

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ නාමය භාවිත කරමින් සිදුකරන වංචනික ක්‍රියාකාරකම්වලට හසු නොවන ලෙස එම ගුවන් සේවය මහජනතාවට දැනුම් දී තිබේ.

ගුවන් සේවයේ නාමයෙන් පෙනී සිටින ව්‍යාජ ජංගම යෙදුම් සහ සමාජ මාධ්‍ය ගිණුම් හරහා සිදුවිය හැකි මූල්‍ය වංචා සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ද එම ගුවන් සේවය ඉල්ලා සිටී.

විශේෂයෙන්ම, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන සැකසහිත දැන්වීම් සහ පණිවිඩවල සඳහන් සබැඳි හරහා ගෙවීම් සිදුකිරීමෙන් වළකින ලෙස එම ගුවන් සේවය අවධාරණය කරයි.

එමෙන්ම, OTP අංක, බැංකු කාඩ්පත්වල PIN අංක සහ අනෙකුත් රහස්‍ය තොරතුරු කිසිදු පුද්ගලයෙකු සමඟ හුවමාරු කර නොගන්නා ලෙස ද දැනුම් දී තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ නිල ජංගම යෙදුම බාගත කර ගැනීමේදී Apple App Store හෝ Google Play Store වැනි නිල යෙදුම් පමණක් භාවිත කරන ලෙස ද ගුවන් සේවය ජනතාවට උපදෙස් දී ඇත.

ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමේදී හෝ වෙනත් ගනුදෙනු සිදුකිරීමේදී ශ්‍රීලන්කන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවියට පිවිසීම හෝ නිල පාරිභෝගික සේවා මාර්ග ඔස්සේ තොරතුරු තහවුරු කර ගැනීම සුදුසු බව ද එහි දැක්වේ.

ජනප්‍රිය පුවත්  වෙනිසියුලාවේ නව අන්තර්කාලීන ජනපති ලෙස ඩෙල්සි රොඩ්රිගස් දිවුරුම් දෙයි!

වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ද එම ගුවන් සේවය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x