October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්වෙයි

1 min read

නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොනදිග මුහුදු ප්‍රදේශවල පැවති ගැඹුරු පීඩන අවපාතය ඉදිරියේදී තවදුරටත් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න පවසනවා.

අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රිය වන විට මෙම පද්ධතිය ඉතා ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවට මේ වන විට ගෝලීය පුරෝකථන මාදිලි මඟින් පෙන්වා දී ඇති බවයි.

මෙහි සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුව ද, වක්‍ර බලපෑම් ලබන 28 වැනිදා දක්වා ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය

ඒ හේතුවෙන්, දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x