October 27, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඥානසාර හිමිට නිදහස ඉල්ලන සත්‍යග්‍රහයේ 10වන දිනය අද

1 min read

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (25) 10වන දිනටත් පැවැත්වෙයි.

පසුගිය 16 වැනිදා විහාරමහා දේවි උද්‍යානයට වැඩම කළ ස්වාමින් වහන්සේලා විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ අතර, එදින සිට මේ දක්වාම උන් වහන්සේලා ඇතුළු පිරිස එම භූමියේ රැඳී සිටී.

සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන්වහන්සේලා සඳහන් කරනුයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගන්නා තෙක් මෙම ස්ථානයෙන් ඉවත් නොවන බවය.

පසුගිය 16 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳි සිටි භික්ෂූන් වහන්සේලා පිරිස අනතුරුව බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉදිරිපිටට වැඩම කළ අතර එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡාවකද නිරත විය.

අනතුරුව එම සාකච්ඡාව අසාර්ථක බව පවසමින් ඉල්ලීම් සඳහා විසඳුමක් ලබා දෙන තෙක් විහාර මහා දේවි උද්‍යානයේ රැඳී සිටින බවට උන්වහන්සේලා සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x