June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වැඳපං ටිං වැඳපං

1 min read

අපගේ සටහනට අදාල මාතෘකාව නිවැරදිව ලිවිය යුත්තේ ”වැඳපන් ටිං වැඳපන්” කියා ය. එහෙත්, ජනාධිපති අනුර කුමාරගේ ප්‍රමුඛ පෙළේ න්‍යායාචාර්යවරයකු වූ ද ජ.විපෙ. ”ලොකු අයියා” වූ ටිල්වින් සිල්වා ලන්ඩනයට ගිය විට මුණ ගැසී අල්ලාප සල්ලාපයේ යෙදීමට අමතක නොකරන්නා වූ ද උවිදු කුරුකුලසූරීන්ගේ මග පෙන්වීම ට අනුව අප මේවා ලිවිය යුත්තේ ”රයිම්” වන ලෙස ය. ඒ ගැන වරදක් වේ නම් අපට කමත්වා!

ටිං ටිංගේ න්‍යාය අනාගාමිකය. එය ඔවුන් පවසන පරිදි මාක්ස්වාදී ය. ඔහුට හා ඔහුගේ කල්ලියට අනුව ආගම ජනතාවට ‘‘අබිං” ය. එබැවින් එය ගෝත්‍රික ය. බෝ ගහ කැපිය යුත්තේය. ජීවතුන් අතර නැති මාලිමාවකු වූ ඩබ්ලිව. ජයසිරි ඒ අනුව යමින් කීවේ තමන්ට ඇති එකම සිහිනය ජය ශ්‍රී මහා බෝධිය අසලට වී ‘‘අඩියක්“ ගැසීම බව ය. මාලිමා නිලියක් වූ සමනලී පොන්සේකා ”සිද්ධාර්ථ” සමග වලි දමා ගැනීමට කැමැත්තේ ද ඒ නිසා ය.

ජනාධිපති අනුර කුමාර පන්සලට ගියාට, පිරිත් නූල සමඟ එයින් එළියට ආවාට ඉතා ඉක්මනින් පිරිත් නූල ඉවත් කරන්නේ ද ඒ අනුව ය. නැත්නම් මොහුට පිරිත් නූල ඇලජික් වන්නට හේතුවක් නැත.

ජනප්‍රිය පුවත්  ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට එරෙහිව කොළඹට ජන ගඟක් !

එසේ වූ ටිං ටිං ට “දිත්වා” සුළි කුණාටුවෙන් පසුව පන්සල් යාමට සිදුව ඇත. බුදුන් වැඳීමට සිදුව ඇත. උපාසක වෙස් ගැනීමට සිදුව ඇත. ”දිත්වා” මිට්ටාගේ ආණ්ඩුවට දුන් දිට්ඨ ධම්මවේදනීය “රිටන්” එක එබඳුය.

දැන් උබලා මොනතරම් වැන්දත් වැඩක් නැත. දැන් රට ඇත්තේ තවත් ගංවතුරක් අබියස ය. පච හලා වෛරය වපුරා බලය ගෙන අනාගාමික නුඹලාට ඒ බලය තියා ගත නොහැක.

වැඳපං ටිං වැඳපං!
කෙලවෙන කං වැඳපං!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x