August 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

⁣මුදල් කොල්ලයකට චෝදනා ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ට වසර තුනක සිර දඬුවම්…!

1 min read

ආරවුලකින් අනතුරුව මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු පොලිස් නිලධාරින් දෙදෙනෙකුට හා සිවිල් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියමකර ඇත දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි විසින් මෙම තීන්දුව ලබාදී තිබේ.

2008 වසරේ දෙහිවල ප්‍රදේශයේ අවන්හලකදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මුදල් කොල්ලකෑම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් හිටපු පොලිස් නිලධාරින් දෙදෙනෙකුට සහ සිවිල් පුද්ගලයෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණි.

එම චෝදනාවලට වරදකරු කෙරුණු සිවිල් පුද්ගලයෙකුට බරපතළ වැඩ සහිත වසර 5ක සිරදඬුවමක් විනිසුරුවරයා විසින් නියමකර ඇත.

එමෙන්ම චෝදනා ලබා සිටි හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට විනිසුරුවරයා විසින් බරපතළ වැඩ සහිත වසර 3 බැගින් වූ සිරදඬුවම් නියම කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x