June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිල් ඇති “ජොකා” ලාගේ මූල්‍ය විනය !

1 min read

2025 වසර සඳහා අය-වැයෙන් වෙන් කරන ලද මුදල් වලින් වැය කර ඇත්තේ 22% ක් පමණි. ඉතිරි මුදල් සියල්ලම මහා භාණ්ඩාගාරයේ ඇතැයි පැවසේ. මේ ගැන ඉමහත් සාඩම්බරයෙන් කථා පවත්වන ආණ්ඩුවේ “මල් පැළ” පවසන්නේ, ඒ වූ කලී මූල්‍ය විනයේ ප්‍රතිඵල බව යි.

බුද්ධිමත් බවින් ඌණ දුගී මිනිසකුට ලොතරැයියක් ඇදේ. ව්යින් හිමි වූ කෝටි ගණනක මුදල ප්‍රයෝජනයට ගන්නේ කෙලෙසදැයි ඔහුට නොතේරේ. ඔහු කරන්නේ, එම මුදලෙන් වැඩි ප්‍රමාණය “පෙට්ටගම” තුළ හංගා, සුළු වශයෙන් වියදම් කිරීම ය. ඒ සඳහා ඔහුගේ බුද්ධි හීන බව මෙන්ම “මසුරු” බවද බලපාන්නේ ය.

පසු කාලයකදී වයස් ගත වූ ඔහු මිය යයි. හරි හැටි ඇදුමක් නොඇඳ, දුගියකු ලෙස හිල් වූ යට ඇදුම් සහිතව ජීවත් වූ ඔහු මිය යන විට පෙට්ටගමේ සල්ලි ගොඩක් ඉතිරිව තිබේ. එය දුටු ඔහුගේ ඥාතින් සතුටින් කියා සිටියේ “එය වූ කලී ඔහු සතු වූ මූල්‍ය විනය” බව යි.

අය-වැයෙන් වෙන් කරන ප්‍රාග්ධන වියදම් වලින් 80% ක් පමණ වියදම් නොකරන තත්ත්වයක් මීට පෙර කවර කලකවත් මෙරට තිබී නැත. එසේ වන්නේ කුමන හේතුවක් මත ද?

ජනප්‍රිය පුවත්  ඇඳ ජන සතු කිරීම

එක්කෝ ආණ්ඩුව සිතා මතාම ප්‍රාග්ධන වියදම් වැඩි ප්‍රමාණයක් නොකර සිටිය යුතුය. ආණ්ඩුවක් එසේ කරන්නේ කුමක් නිසා ද? එයින් සිදුවන එකම දේ ආර්ථික වර්ධන වේගය අඩාල වීමය. ආර්ථිකය තව තවත් හැකිලීම ය. පොදුවේ මහ ජනයා අතර මුදල් සංසරණය හීන වීම ය. මිනිසුන්ගේ මිල දී ගැනීමේ හැකියාව අඩු වීම ය. එබැවින්, හිතා මතාම ප්‍රාග්ධන වියදම් පෙට්ටගමට දමා ගැනීම ආණ්ඩුවට හෝ රටට වාසි වන්නේ නැත.

ආර්ථික වර්ධන වේගය ඉහළ අගයක පැවතියහොත්, 2028 සිට ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුලු කප්පාදුව ලංකාවට ලැබෙන්නේ නැත. එසේනම්, ආණ්ඩුව එය (මුලු කප්පාදුව) ලබා ගැනීම වෙනුවෙන් රටේ ආර්ථික වර්ධනය ඉහළට ගෙන ඒම හිතා මතා වළකන්නේ ද? එසේ නොවේනම් විය හැක්කේ, මුදල් වෙන් කළ ද නියමිත කාර්යක්ෂමතාවයෙන් යුතුව ඒවා වැය කර ප්‍රතිඵල ලබා ගැනීමට ආණ්ඩුවේ ඇමැතිවරු හා නිලධාරින් අසමත් බව ය. “හොරු” ඇල්ලීමේ චිත්‍රපටය හේතුකොටගෙන රාජ්‍ය නිලධාරින් ඉන්නේ බියට පත්ව ය. එනිසාම ඔවුන් දැන් වැඩ කරන්නේ අකුරට ය. එසේ අකුරට තිතට වැඩ කරන විට සියල්ල සිදු වන්නේ ඉබි ගමනින් ය. එසේනම් මේ සිදුව ඇත්තේ එය ද?

ජනප්‍රිය පුවත්  රුපියල

මේ ගැන කියැවෙන තවත් අදහසක් වන්නේ, ආණ්ඩුව අය-වැයෙන් සංවර්ධනය සඳහා වියදම් කළ මුදල් වැඩි ප්‍රමාණයක් සිය ව්‍යාපාරික ගජ මිතුරන්ගේ උවමනාවන් වෙනුවෙන් ඔවුන්ගේ ගිණුම් වෙත බැර කර, එමගින් ලබා ගන්නා අති විශාල “සන්තෝශම” පැලවත්ත අරමුදල තර කිරීමට යොදා ගෙන ඇති බව ය. වසර නිමා වන්නට පෙර, ගජ මිතුරන්ගේ ගිණුම් තුළ වූ එම රජයේ මුදල් නැවත ගෙන, මහා භාණ්ඩාගාරයට යොමු කළ විට බැලූ බැල්මට ‘සල්ලි’ නැති වී නැත. ඇතැමුන් සිදුවන්නට ඇත්තේ මෙය විය යුතු යැයි සිතන්නේ, මෙච්චර අඩු ප්‍රමාණයක් ප්‍රාග්ධන මුදල් වැය කළේ කුමන හේතුවක් මත ද යන පැණයට පිළිතුරු හිතාගැනීම අපහසු නිසා ය.

හර්ෂ ද සිල්වා ආචාරියාට අනුව භාණ්ඩාගාරයේ මුදල් පිරී ඉතිරී ගොස් තිබේ. ආණ්ඩුවට අනුව එය මූල්‍ය විනයේ ප්‍රතිඵලයයි. මිනිස්සුන්ගේ කන-බොන, යන එන හැම දෙයින්ම බදු පිට බදු ගසා උපයා ගන්නා ලද මුදල් රැස් කර, ඒ දෙස බලා “ඔන්න අපේ මූල්‍ය විනය… කෝම ද?” කියා ඇසූ විට රටේ ආර්ථිකය ගොඩ යන්නේ ද? මාස 9 ක් තුළ දී රු. බිලියන 1060 ක් දේශීය ණය ගෙන පොලී ගෙවා ඉතිරිය තබා ගත් කල මහා භාණ්ඩාගාරය පිරී ඉතිරී යාම අරුමයක් ද? එය පිරී ඉතිරී ගිය විට බඩගෙඩිය ද පිරී ඉතිරී යන්නේ ද? මිනිසුන්ගේ හදවත ද පිරී ඉතිරී යන්නේ ද? මිනිසුන්ගේ සතුට ද පිරී ඉතිරී යන්නේ ද? ඒවා පිරී ඉතිරී නොයන කල, භාණ්ඩාගාරය පමණක් පිරී ඉතිරී ගියා යැයි කියන විට අප ඇසිය යුත්තේ කුමක් ද?

ජනප්‍රිය පුවත්  බොල්ෂෙවිකයන්ගේ බුල් කෙලීම

“මුන්ට ඡන්දෙ දුන්න අපට පාන් ද?”

වෙන මොනවා අහන්න ද?

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x