September 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිටපු අගවිනිසුරු ගියාම කෝදාගොඩ කපලා එක්ස්ප්‍රස් පර්ල් නඩුව නැවත අහනවා…

1 min read

හිටපු අගවිනිසුරු ගියාම කෝදාගොඩ කපලා එක්ස්ප්‍රස් පර්ල් නඩුව නැවත අහනවා… ඩොලර් මිලියන දාහේ වන්දිය ඩොලර් මිලියනේට බස්සනවා… දිමුතු සූරසේන කොළඹ හතෙන් මිලියන185ක මන්දිරයක් ගන්නවා…! – අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තු අවසන් කතාවෙන් දැවැන්ත හෙළිදරව්වක…
2021 වසරේ ලංකා මුහුදු තීරයේ ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් සිදුවූ පරිසර හානිපූර්ණය සඳහා නඩු පවරා එවක අගවිනිසුරුවරයා ඇමරිකානු ඩොලර් බිලියන එකක් (මිලියන 1000) වන්දි ලබා දීමට නියෝග කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි.
ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර හිටපු අගවිනිසුරුවරයා විශ්‍රාම ගිය පසු වර්තමාන අගවිනිසුරු සමයේ යසන්ත කෝදාගොඩ එම කමිටුවෙන් ඉවත් කර පංච පුද්ගල විනිසුරු මඩුල්ල ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් බවට පත්කර ඇති බවද අර්චුනා රාමනාදන් ප්‍රකාශ කරයි.
එම නඩුව නව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අසා අවසන් කර ඩොලර් මිලියන 1000 වෙනුවට ඩොලර් මිලියනයක් පමණක් එම සමාගමේ දේශීය නියෝජිතයා විසින් ගෙවා ඇතැයිද මන්ත්‍රීවරයා අනාවරණය කරයි. ඒ සමග අදාළ නඩුව වසා දැමීම නිසා රටට ඩොලර් මිලියන 999ක පාඩුවක් රටට සිදුව ඇතැයිද හෙතෙම සඳහන් කරයි.
මෙම සිදුවීම් අවසානයේ කොළඹ හතේ වෝඩ් පෙදෙස පිහිටි සුපිරි නිවාස පරිශ්‍රයක සුපිරි නිවාසයක් රු. මිලියන 185කට දිමුතු සූරසේන නම් අයකු මිලදී ගෙන ඇතැයිද එය අලෙවි කර ඇත්තේ නිහාල් හෙට්ටිආරච්චි නම් අයකු බවද අර්චුනා රාමනාදන් ප්‍රකාශ කරයි.
අර්චුනා රාමනාදන් මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) සිය වසර දෙකක පාර්ලිමේන්තු ජීවිතයට සමු දෙමින් අවසාන කතාවෙන් සභාව අමතමිනි.

ජනප්‍රිය පුවත්  ශ‍්‍රී ලංකාවට වීසා තහනමක්

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x