April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විදුලි බිල 33%කින් අඩු කරන්න ආපු ආණ්ඩුව තුන් ගුණයකින් බිල වැඩි කළා!

1 min read

ජනාධිපතිවරණයට පෙර අනුර දිසානායක ඇතුළු පාර්ශ්වය දුන් සියලු පොරොන්දු මේ වන විට බොරුවක් බවට පත්ව ඇතැයි සජබ ගලිගමුව ආසන සංවිධායක සුරේෂ් සෝමදාස පවසයි.

“මැතිවරණයට කලින් මේ අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම දුන්නා පොරොන්දු මාලාවක්. අද වෙනකොට ඒ සියල්ල බොරු බවට පත්වෙලා තියෙනවා. අත්‍යාවශ්‍ය ආහාර, අධ්‍යාපන උපකරණ සහ ඖෂධවල වැට් බද්ද නිදහස් කරනවා කිව්වා. අද වෙනකොට අත්‍යාවශ්‍ය ආහාර මිල විශාල ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. අධ්‍යාපනය සඳහා පොත් සහ අනෙකුත් උපකරණවල මිල විශාල ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා.

ඒ වගේම සෞඛ්‍ය පැත්ත ගත්තොත් රෝහල්වල බෙහෙත් නෑ. බෙහෙත් හේත් මිල වැඩිවෙලාත් තියෙනවා. ඒ වගේම 33%කින් විදුලි බිල අඩුකරනවා කිව්වා. නමුත් අද වෙනකොට ඒ වගේ තුන් ගුණයකින් විතර විදුලි බිල වැඩිවෙලා. ඒ වගේම ඩීසල් මිල අඩුකරනවා කියලා කිව්වා. ඊයෙ වෙනකොට ඩීසල් රුපියල් 500 වෙන්න ගිහිල්ලා. ඒ වගේම ගෑස් මිල වැඩිවෙලා. පොහොර නෑ. ගොවියාට වගාව කරගන්න විදියක් නෑ. රටින් හාල් ගෙන්වන්නෙ නෑ කිව්වා 2024දී.

නමුත් දැනුත් රටින් හාල් ගෙන්වනවා. මේ අවුරුද්දටත් කිරිබත් උයන්න වෙලා තියෙන්නෙ රට හාල්වලින්. කිව්ව කිසිදෙයක් ඒ විදියට නොකරපු ආණ්ඩුවක් මේක. අනුර කුමාර දිසානායක මැතිතුමාලාගෙ මේ ආණ්ඩුව එක්කෝ පච කියන එක නතර කරන්න ඕනෙ. එක්කෝ වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න ඕනෙ. නැත්නම් ගෙදර යන්න ඕනෙ. ඒ වෙනතෙක් අපි මේ සටන දියත් කරනවාමයි.”

ජනප්‍රිය පුවත්  අතුරුදන් වූ F-15 නියමුවා ප්‍රාණ ඇපයට පත්වීම වැළැක්වීමට ඇමරිකාවෙන් දැවැන්ත මෙහෙයුමක්!

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීම විදුලි බිල් වැඩිකිරීම සහ ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව ගලිගමුව නගරයේදී පැවැති විරෝධතාවකට ඊයේ (08) එකතු වෙමිනි.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x