සුරාබදු කොමසාරිස්ට එරෙහිව අල්ලස් කොමිෂමට පැමිණිල්ලක්
1 min read
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්න මහතා එක්තරා මත්පැන් සමාගමකින් වාහනයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සමිති සභාපති ප්‍රදීප් චාල්ස් මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම පැමිණිල්ලට අනුව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අලුතින් මිලදී ගත් මෝටර් රථයක් පිළිබඳව ද සඳහන් කර ඇති අතර ඊට අමතරව නියෝජ්‍ය මුදල් ඇමැතිවරයාගේ මෙන්ම අදාළ මත්පැන් සමාගමේ හිමිකරුගේ වත්කම් විගණනය කර අයථා මුදල් උපයා ඇත්නම් ඒවා රාජසන්තක කරන ලෙස ද ඉල්ලා ඇත.
කෙසේවුවද, අදාළ චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව සුරාබදු කොමසාරිස්වරයා මාධ්‍යට පවසා තිබේ.
චෝදනාව එල්ල කරන පුද්ගලයා හෝ ඔය කියන සමිතිය මේ රටේ ලියාපදිංචි ආයතනයක් ද යන්න පිළිබඳව නොදන්නා බවත්, මෙවැනි අසත්‍ය චෝදනා එල්ල කරන පුද්ගලයන්ට එරෙහිව නෛතික පියවර ගන්නා බවත් ඔහු සඳහන් කරයි.
මත්පැන් සමාගම් සමග තමාගේ කිසිදු පෞද්ගලික සම්බන්ධයක් නොමැති බවත් රාජකාරි මට්ටමින් පමණක් කටයුතු කරන බවත් ඔහු කියයි.
