July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුනීත පාසලේ රැඳවුම් භාරයේ පසු වූ සිසුන් 06ක් සා.පෙළ විශිෂ්ට ලෙස සමත් වෙලා

1 min read

පාදුක්ක වටරැක එළිමහන් සිර කඳවුරේ සුනීත පාසලේ ඉගෙනුම ලැබූ රැඳවුම් භාරයේ සිටින සිසුන් 06දෙනෙකු මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

රැඳවියන් වෙනුවෙන්ම වෙන්වූ ශ්‍රී ලංකාවේ එකම පාසල වන වටරැක “සුනීත පාසලේ” පිහිටුවා තිබූ විභාග මධ්‍යස්ථානයේදී මෙම සිසුන් පිරිස විභාගය සඳහා පෙනී සිට ඇත.

මීට වසර දෙක තුනකට ඉහතදී විවිධ සුළු වැරදි සම්බන්ධයෙන් මෙම පිරිස බන්ධනාගාරගත වී ඇති බව ද සඳහන් වේ.

වටරැක බන්ධනාගාරයේ ඇති මෙම සුනීත පාසල 2014 වර්ෂයේ දී බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ආරම්භ කර තිබේ.

මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ වටරැක බන්ධනාගාර අධිකාරි රෝහිත සෙනරත් මහානාම,

”වටරැක බන්ධනාගාරයේ ඇති මෙම සුනීත පාසල 2014 තමා පටන් ගත්තේ.. බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා තමා මේක පටන් ගත්තේ.. මෙහිදී සිද්ධ වෙන්නේ අගතියට පත් ළමයි ඒ කියන්නේ පාසල් යන්න බැරිව නොයෙකුත් ප්‍රශ්නවලට මැදිවෙච්ච ළමයින් අපිට ලංකාවේ විවිධ අධිකරණවලින් එවනවා.. ඒ අය විවිධ අධ්‍යාපන මට්ටම්වල අය.. අපි එයාලට කඩිනම් අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කරලා අධ්‍යාපනය ලබා දෙනවා.. මේක විශේෂ ශ්‍රේණියේ රජයේ පාසලක්.. මේකේ විදුහල්පතිවරයෙක් සහ කාර්ය මණ්ඩලය ඉන්නවා.. දරුවන්ගේ ඒ ඒ මට්ටම්වලට ගැලපෙන විදිහට අපි අධ්‍යාපනය ලබා දෙනවා.. මේ පාර අපි ළමයින් 06 දෙනෙක් ඉදිරිපත් කළා.. ඒ අය විශිෂ්ට ලෙස පාස් වෙලා උසස් පෙළට සුදුසුකම් ලබලා තියෙනවා.. ”

ජනප්‍රිය පුවත්  දිට්වා ගැන ලංකාව දැනුවත් කළා! ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x