June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සිසුවාට පහරදුන් මාලිමා මන්ත්‍රීනියගේ විදුහල්පති සැමියාට ඇප!

1 min read

සූරියවැව, රන්මුදුවැව කනිෂ්ඨ විද්‍යලයේ 16 හැවිරිදි සිසුවකුට අමාණුෂික දඩුවමක් ලබාදූන් බවට චෝදනා එල්ල වූ සැකකාර විදූහල්පතිවරයා සූරියවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 25 000ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා 27 වන දින නියෝග කරන ලදී.

මෙලෙස ඇප මත නිදහස් කෙරුනේ සූරියවැව, රන්මුදුවැව කනිටු විද්‍යාලයේ විදූහල්පති ලෙස කටයුතු කරන දිලිප් කුමාර නැමැති අයයි.ඔහු සූරියවැව ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීවරියකගේ ස්වාමිපුරුෂයායි.

සැකකාර විදූහල්පතිවරයා විසින් පසුගිය 18 වන දින රන්මුදූවැව කනිටු විද්‍යාලයේ 11 ශ්‍රේනියේ ඉගණුම ලබන සිසුවකුට අමානුෂික පහරදීමක් සිදුකර තිබේ.එම නිසා සිසුවාට දින 08ක් හම්බන්තොට මහ රෝහලේ නේවාසික ප්‍රථිකාර ලබා ගැණීමට සිදූව ඇත.සිද්ධිය සම්බන්දයෙන් සිසුවාගේ මව වන උදේනි පේක්ෂා යන අය විසින් සූරියවැව පොලීසියට පැමිණිල්ක්ද ගොනු කෙරුණු නමුත් පැමිණිල්ලටපොලීසියෙන් සාධාරණ පරීක්ෂයක් සිදු නොවීම නිසා සිසුවාගේ මව මේ සම්බන්දයෙන් මාතර හම්බන්තොට බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාවද දැනුවත් කර තිබේ. එහිදී ද දැනුම් දී ඇත්තේ විදුහල්පතිවරයෙකු හෝ ගුරුවරයෙකු විසින් සිසුවෙකුට පහර දීමක් කළහොත් අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් චක්‍රෙල්ඛයක් මගින් දැනුවත් කර ඇති බවත් බරපතල පහරදීමක්නම් පමණක් එසේ කළයුතු බවත් ය.

ජනප්‍රිය පුවත්  මාලිමාවට බලය හිමි සොරණාතොටත් මාලිමාව පරාදයි

කෙසේ වෙතත් පහර කෑමට ලක් වූ සිසුවාගේ මව චෝදනා කලේ අදාල විවිදුහල්පතිතුමාගේ බිරිද සූරියවැව ප්‍රාදේශීය සභාවේ මාලිමාවේ මංත්‍රී වරියක නිසා පොලිසිය පැමිනිල්ල විභාග නොකර කල් මරමින් සිටින බවටයි.කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පලවීමත් සමග සැකකාර විදුහල්පතිවරයා සූරියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගැණුනි.

මෙම පහරදී සිදූව ඇත්තේ ඉකුත් 18 වන දා මෙම සිසුවා ඇතුළු තවත් සිසුන් කීප දෙනකු විසින් පන්ති කාමරයේ ඩෙස් එකකට තට්ටු කරමින් ගීත ගයමින් පසු වූ අවශ්ථාවේ අදාල විදූහල්පති එම ස්ථානයට පැමිණ මෙම සිසුවාගේ කනට අතින් පහර දී අනෙක් සිසුන්ට ද වේවැලකින් පහර දී නැවතත් කාර්යාල කාමරය වෙත විදූහල්පති විසින් රැගෙන ගොස් පහරදී මුදා හැර ඇත. අනතුරුව මෙම පහරදීම හේතුවෙන් ඇති වූ ආසධ්‍ය තත්වය හේතුවෙන් මෙම සිසුවා තනමල්විල රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සදහා එදිනම හම්බන්තොට මහ රෝහල වෙතද මාරුකර යැවීමෙන් පසු රෝහලේ දින 08ක් නේවාසිකව ප්‍රථිකාර ලබා නිවසට පැමිණ තිබේ.

ජනප්‍රිය පුවත්  ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 1097 ක් ජීවිතක්ෂයට | ඒ අතර අවුරුදු 10ට අඩු දරුවන් 181ක්!

මෙම පහරදීම හේතුවෙන් සිසුවාගේ අක්ෂිවලට යම් බලපෑමක් සිදුව ඇති හෙයින් වෛද්‍යවරයා විසින් අක්ෂි සායනයක් සදහා සහ මෙම පහර කෑම නිසා සිසුවා මානසික අතින් වැටී ඇති හෙයින් මනෝ වෛද්‍ය සායනයකටද යොමු කිරීමට හම්බන්තොට වෛද්‍යවරු නිර්දේශ කර තිබේ. සැකකරුට එරෙහි නඩුව යලි 2026.02.20 වන දින කැදවීමට නියමිතය.

සබැදි පුවත්

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x