May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සසුනට ගහන ආණ්ඩුවේ මෙහෙයුමක්!

1 min read

පසුගිය දා ගුවන්තොටුපළේදී අත් අඩංගුවට ගත්, කුෂ් මත්ද්‍රව්‍ය සහිතව තායිලන්තයේ සිට මෙරටට පැමිණි තරුණ භික්ෂූන් වහන්සේලාගේ සිදුවීම මුල සිට අගට මනාව සැලසුම් කර බුදු සසුන හා භික්ෂු ප්‍රතිරූපය කෙළෙසීම අරමුණු කර ගනිමින් ආණ්ඩුව දැනුම්වත්ව දියත් කරන ලද මෙහෙයුමක් බව මේ වන විට මනාව ආණාවරණය වී තිබේ.

කිසිදු පාර්ශවයකගේ ඉල්ලීමකින් තොරව, එතෙක් පැවැති භික්‍ෂූන්වහන්සේලා විදේශ ගත වීමේ දී අදාළ නිකායේ හෝ පාර්ශවයේ නායක හිමිගෙන් ලබා ගත යුතු නිර්දේශය සහිත ලිපිය රහිතව විදේශගත භික්‍ෂුන්වහන්සේලාට ආණ්ඩුව මඟින් ඉඩ ලබා දී ඇත්තේ 2025.12.16 දිනය. භික්‍ෂුන්වහන්සේලාට හා මෙහෙණින්වහන්සේලාට විදෙස්ගතවීමට පනවා තිබු නීති ලිහිල් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය ආගමික කටයුතු අමාත්‍යාංශයට දන්වා ඇත්තේ එදිනය. ඒ අනුව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඒ බව දැනුම්වත් කර 2025.12.29 සියලු භික්‍ෂූ භික්‍ෂූනීන්ට ලිපි මඟින් දැනුම්වත් කර ඇත.

2026.01.01 සිට ලිහිල් වූ නීති යටතේ තරුණ භික්‍ෂූන්වහන්සේලාව තායිලන්තයේ සංචාරයකට යැවීමට මූලිකත්වය‍ ගෙන ඇත්තේ, ආණ්ඩුව සමඟ සමීප සම්බන්ධතා ඇති, පසුගිය මැතිවරණවලදී මාලිමාවට සහාය දක්වා ක්‍රියාකළ අඟුණුකොලේ අමිතානන්ද නම් භික්‍ෂුවය. එම මෙහෙයුමට අවශ්‍ය මුදල් පරිපාලනය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග කටයුතු සම්බන්ධීකරණය කිරීම ද සිදු කර ඇත්තේ ආණ්ඩුවේ ප්‍රභලයින්ගේ හිතවත් භික්‍ෂූවක් වන අඹගස්මුල්ලේ පුණ්‍යරතන හිමි විසිනි. මේ සඳහා වැයවන මුදල් වියදම් කර ඇත්තේ ගාල්ලේ මොහොමඩ් රිස්ව් නැමැති ව්‍යාපාරයෙකි. දැනට සිදු කෙරී ඇති පරීක්ෂණ මඟින් අණාවරණය වී ඇත්තේ ඔහු ද තදබල මාලිමා හිතවතෙකු බවයි.

ජනප්‍රිය පුවත්  සම්බා කියා බාස්මතී නැවක් කොළඹට!

තායිලන්තයට ගිය කිසිදු භික්‍ෂූවක් තමන් යන්නේ මෙවැනි අවදානම් ගමනකට බව දැන සිටියේ නැත. ඒ අනුව පෙනී යන්නේ භික්‍ෂූන්ට විදෙස්ගතවීමේදී බලපා තිබුණු නීති, කිසිවෙකුගේ ඉල්ලීමකින් තොරව ලිහිල් කිරීමත්, මෙම ජාවාරම ආණ්ඩුවට සහ මාලිමාවට සම්බන්ධ භික්‍ෂූන් හා පුද්ගලයන් විසින් මෙහෙයවනු ලැබ තිබීමත් මත මෙයට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ දැනුම්වත් සහයෝගයක් ලැබී ඇති බවය.

අදාල නීති ලිහිල් කිරීම ගැන විමසීමේදී බෞද්ධ කටයුතු කොමසාරිස් ප්‍රකාශ කරන ලද්දේ එය සිදු කළේ තාවකාලිකව බවය. තාවකාලිකව හෝ එසේ කිරීමට ක්‍රියා කළේ කුමන හේතුවක් මත දැයි ඔහු පවසන්නේ නැත. සංස්කෘතික ඇමතිවරයා මේ පිළිබඳව ප්‍රකාශ කළේ “යම් යම් හේතු මත” මෙලෙස නීති ලිහිල් කළ බවය. එම යම් යම් හේතු මොනවාදැයි ඔහු ප්‍රකාශ කර නැත.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි එම තණතුරට පත් වීමට පෙර සිටම බෞද්ධාගමික වටිනාකම් හෑල්ලුවට ලක් කරමින්, සිය පියා විසින් තණන ලද කුරුසය සහිත හිනිදුම කතෝලික පල්ලිය පිළිබඳව ඉමහත් වර්ණනාවෙන් කරුණු දක්වන ලද අයෙකි. වර්තමාන NPP විසින් එම අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත් කරන ලද්දේ ද ප්‍රින්ස් සේනාධීර ය. ඔහු “X කණ්ඩායම” නැමැති නිරාගමික හා රැඩිකල් මතවාදී ගුරුකුලයක ක්‍රියා කළ බෞද්ධ නොවන අයකු වේ. ඉතාම සැලසුම්සහගතව එබඳු කණ්ඩායමක් අතට එම අමාත්‍යාංශයේ බලය හිමිකර දීමේ සිට භික්‍ෂු භික්‍ෂුනීන් විදේශගතවීමට බලපෑ නීති ලිහිල් කිරීම දක්වා දිවයන්නේ එකම ක්‍රියාන්විතයක් බව අපගේ නිගමනය වී තිබේ.

ජනප්‍රිය පුවත්  ණය එක දවසට බිලියන 5.6ක්!!

සුරාජ් ධර්මප්‍රිය –

අමාත්‍ය ලාල් කාන්තව සහ කොළඹ මහනගර සභාවේ ජාතික ජන බලවේගයේ උප නගරාධිපති හේමන්ත කුමාරව අගුණුකුලේ සාලයේ අමිතානන්ද හිමි හමු වූ අවස්ථාවන් දෙකක්.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x