September 21, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී ලංකාවේ විවාහ ලියාපදිංචිය 28%කින් පහළට.. උපත් සංඛ්‍යාවත් ශීඝ්‍රයෙන් අඩුවෙලා..

1 min read

පසුගිය වසර 15ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි විවාහ සංඛ්‍යාව 28%කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී ඇති බවත් උපත් සංඛ්‍යාවද දිගින් දිගටම අඩුවෙමින් පවතින බව නිල දත්ත පෙන්වා දෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, ලියාපදිංචි විවාහ සංඛ්‍යාව 2010 වසරේ පැවති 200,985 සිට 2025 වසර වන විට 144,182 දක්වා අඩුවී ඇති අතර, එය 28%ක පමණ පහත වැටීමකි.

2020 වසරට පෙර වසර කිහිපයේදීම 170,000 සීමාවට ඉහළින් පැවති විවාහ සංඛ්‍යාව, කොවිඩ්-19 ගෝලීය වසංගත සමයේදී දැඩි ලෙස පහත වැටුණු අතර 2020 වසරේදී එය 143,808 දක්වා අඩුවිය.

ඉන්පසු විවාහ ලියාපදිංචි කිරීම් 2021 දී 162,628 දක්වාත්, 2022 දී 171,140 දක්වාත් නැවත ඉහළ ගියද, එය 2023 දී 151,356 දක්වාත් 2024 දී 139,290 දක්වාත් නැවතත් පහත වැටිණි. පසුව 2025 වසරේදී එය 144,182 දක්වා සුළු ඉහළ යෑමක් පෙන්නුම් කළේය.

මේ අතර, පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සජීවී උපත් සංඛ්‍යාවේ ද ස්ථාවර අඩුවීමක් වාර්තා වී ඇත.

සජීවී උපත් සංඛ්‍යාව 2019 වසරේ පැවති 319,108 සිට 2025 වසර වන විට 214,570 දක්වා පහත වැටී ඇති අතර, එය වසර හයක් ඇතුළත සිදු වූ 100,000කට වැඩි උපත් ප්‍රමාණයක අඩුවීමකි.

ජනප්‍රිය පුවත්  මනම්පේරිට පෙනී සිටිය ඇමැති කවුද?

තවද, උපත් ලියාපදිංචිය 2020 දී 301,712 සිට 2021 දී 284,848 දක්වාත්, 2022 දී 275,321 දක්වාත්, 2023 දී 247,900 දක්වාත්, 2024 දී 220,761 දක්වාත් අඩුවී ඇති අතර, 2025 වසරේදී එය මෑත ඉතිහාසයේ වාර්තා වූ අඩුම අගයට ළඟාවිය.

එමෙන්ම, ලියාපදිංචි මරණ සංඛ්‍යාවද සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී. මරණ සංඛ්‍යාව 2001 වසරේ පැවති 112,858 සිට 2025 වසර වන විට 172,603 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෑත වසරවලදී කැපීපෙනෙන ඉහළ යෑමක් වාර්තා වී ඇත. මරණ ලියාපදිංචිය 2020 දී 162,371ක්, 2021 දී 163,990ක්, 2022 දී 179,792ක්, 2023 දී 181,239ක් සහ 2024 දී 171,194ක් ලෙස සටහන් විය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x