June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රීලන්කන් ප්‍රතිව්‍යුහගතකරණ කමිටු සභාපති ධුරය හාන්ස්ට

1 min read

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ උපායමාර්ගික හා ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට නායකත්වය ලබාදීම සඳහා පිහිටුවා ඇති උපායමාර්ගික හා ප්‍රතිව්‍යුහගතකරණ කමිටුවේ (Strategy and Restructuring Committee) සභාපතිවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

විදුලි සංදේශ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයන්හි දිගුකාලීන අත්දැකීම් සහිත ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයකු වන ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ජාතික ගුවන් සේවයේ අනාගත උපායමාර්ගික දිශානතිය සකස් කිරීම සහ ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන් මෙහෙයවීමේ වගකීම මෙම කමිටුව හරහා භාරගනු ඇත.

මෙහි සෙසු සාමාජිකයන් ලෙස,

I. ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා

II. මුල්‍ය සහ ආයතනික උපායමාර්ග විශේෂඥ දේෂාල් ද මෙල් මහතා

III. ගනුදෙනු සහ ආයෝජන බැංකුකරණය, ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කරගැනීම් විශේෂඥ දුමිත් ප්‍රනාන්දු මහතා සහ

IV. මුදල් අමාත්‍යාංශයේ ලේකම් හෝ ඔහුගේ නියෝජිතයෙකු,

V. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්/ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජිතයෙකු හෝ නියෝජිත

VI. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිවරයා

VII. ආයතනික, ගුවන් සේවා, මහජන නීතිය යන විෂයයන් පිළිබඳ විශේෂඥතාවක් ඇති නීති විශේෂඥයන්,

ජනප්‍රිය පුවත්  ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් පාස්පෝර්ට් ටෙන්ඩරයේ දැවැන්ත වංචාවක්.. පෝලන්තය යුරෝපා සංගමයට පැමිණිලි කරන්න සැරසෙයි..!

VIII. ගුවන් සේවා කර්මාන්ත විශේෂඥයන් පත් කෙරෙනු ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මූල්‍ය කාර්යසාධනය වැඩිදියුණු කිරීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙලෙහි අඛණ්ඩ පියවරක් ලෙස මෙම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

ජාතික ගුවන් සේවයේ දිගුකාලීන තිරසාරභාවය, තරගකාරීත්වය සහ සේවා ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණ වනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x