ශම්මිගේ අධ්‍යක්ෂ පරිවර්තනීය ක්‍රිකට් කමිටුවෙත් අධ්‍යක්ෂ ධූරයට !
1 min read
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ අධ්‍යක්ෂ තනතුර සඳහා සමන්ත දොඩන්වෙල මහතා යළි පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු විධායක කමිටු සාමාජිකයෙකු වූ දොඩන්වෙල මහතා පසුගියදා සිය විධායක කමිටු තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමඟ LPL අධ්‍යක්ෂ ධුරයෙන්ද ඉවත් වුණා. නමුත් ඔහු සතුව ඇති අත්දැකීම් සහ කළමනාකරණ දක්ෂතා සැලකිල්ලට ගනිමින්, ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පරිවර්තන කමිටුව ඔහුව නැවතත් එම තනතුරට පත් කරලා තියෙනවා.
මෙවර LPL තරගාවලියත් දෙස් විදෙස් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ජූලි – අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිතයි.
