July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉදිරි උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමෙන් ඉවත් වීමේ සූදානමක්

1 min read

2026 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

මේ සම්බන්ධව මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලු සම්බන්ධව අවස්ථා කිහිපයකදීම රජය සමග සාකච්ඡා කළත් මෙතෙක් විසඳුම් ලබා නොදීම හේතුවෙන් එළැඹෙන උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට සම්බන්ධ වීම ගැන තීරණයක් ගැනීමට සිදුවන බව එම සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා සඳහන් කළේය.

ඒ අනුව පසුගිය දින පැවැති විශ්වවිද්‍යාලවල සියලු ආචාර්ය සංගම් එකතුව ප්‍රධාන රැස්වීමක් පැවැත්වුව බවත් පැවසූ ඒ මහතා එහිදී වෘත්තිය ක්‍රියාමාර්ගවලට අනුගත වීම සඳහා ඒකමතික තීරණය කළ බවද මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම සාමාන්‍ය අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ සියලුම ස්වේච්ඡා වැඩකටයුතුවලින් ඉවත් වීමටත් තීරණය කර ඇති බවත් පැවසූ ඒ මහතා ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් ද තීරණයක් ගන්නා බවද වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x