“විශ්වවිද්‍යාලයේ ෆෝන් එකක් තිබුණේ මට විතරයි..”- ඇමති හඳුන්නෙත්ති
1 min read
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ ගෙන ආ ධවල පත්‍රිකාවට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට බස්වලින් ගමන් කළේ ටිකට් නොගෙන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
එම කාලයේ අද මෙන් ජංගම දුරකථන නොතිබූ බවත්, සරසවිය තුළ ජංගම දුරකථනයක් තිබුණේ තමන් ළඟ පමණක් බවත් අමාත්‍යවරයා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය වීර දින සමරුවේ ප්‍රධාන දේශනය පවත්වමින් සඳහන් කළේය.
තමන් එකළ අන්තරේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ බවද අමාත්‍යවරයා එහිදී අතීතය සිහිපත් කළේය.
එජාප රජය ගෙන ආ ධවල පත්‍රිකාව ගැන ජනතාව දැනුවත් කිරීමට ගමන් කරමින් සිටින දිනයක, බත් ඉල්ලා හැඬූ සිසුවෙකුට අතේ තිබුණු මුදලින් ආහාර ලබාදුන් බවද අමාත්‍ය හදුන්නෙත්ති කියා සිටියේය.
පසුව බස් රථයට මුදල් නොදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දක්වා ගමන් කළ බවද ඔහු පවසා සිටියේය.
