July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉදිරි වර්ෂයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය මෙන්න

1 min read

ඉදිරි 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යාංශය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

භාණ්ඩාගාරය සකස් කර ඇති යෝජිත කාලසටහනට අනුව, අමාත්‍යාංශවල වියදම් ඇස්තමේන්තු ලබා ගැනීමෙන් අනතුරුව පනත් කෙටුම්පත කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන අතර, එය ඔක්තෝබර් 18 වැනිදා ගැසට් කිරීමට නියමිතය.

ඉන් අනතුරුව පනත් කෙටුම්පත ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළමු වර කියවීමට නියමිත අතර, නොවැම්බර් 12 වැනිදා දෙවැනි වර කියවීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය කතාව ඉදිරිපත් කරනු ඇත.

අයවැයේ දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 13 සිට 20 දක්වා පැවැත්වෙන අතර, ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාද සහ සංශෝධන දෙසැම්බර් 14 දක්වා පැවැත්වීමට නියමිතය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x