July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම ගැන මහජන අදහස් විමසුමක්

1 min read

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් විමසුමක් සිදුකිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 4 වන දින මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් ක‍ළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුව පසුගියදා රැස්විය.

එහිදී අදාළ යෝජනාව ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කිරීමට ඔවුන් තීරණය කළ අතර ඒ පිළිබදව මහජන අදහස් ලබාගැනීම සඳහා ද යෝජනා වී ඇත.

ඒ අනුව ලබන 4 වන දින ශ්‍රී ලංනා නීතීඥ සංගමයේ නීතීඥ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අදාළ මහජන අදහස් ලබා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අධිකරණ සේවා සංගමය ද මහ සභා රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබේ.

එම සංගමයේ විධායක සභාව විසින් ලබන 11 වන දින මෙම විශේෂ මහ සභා රැස්වීම කැදවීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි

ජනප්‍රිය පුවත්  ඉන්ධන විදුලිය වැඩි කරනු! නැත්නම් මිලියන 700 නෑ! - I M F

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x