විජිත හිස් !
1 min read
අද (31) මෙල්බර්න් නුවර පැවැති විදේශ අමාත්‍ය විජිත හේරත්ගේ මාලිමා ජන හමුවට සහභාගි වී ඇත්තේ 50 ටත් අඩු පිරිසකි.
මෙල්බර්න් යනු, ශ්‍රී ලාංකිකයන් වැඩිපුරම වෙසෙන ප්‍රධාන නගරය වේ. විදේශ ඇමැති ධූරය හොබවන අමාත්‍යවරයකු පැමිණෙන අවස්ථාවකට, සාමාන්‍යයෙන් පක්ෂ භේද නොතකා ශ්‍රී ලාංකිකයෝ සහභාගි වෙති.
එහෙත්, මෙම රැස්වීම තිබූ ශාලාවේ බොහෝ පුටු හිස්ව තිබුණු අතර, සහභාගි වූවන් අතරින් වැඩි දෙනෙකුද වැඩසටහන නිමා වීමට ප්‍රථම එම ස්ථානයෙන් නික්ම ගියේය. මේ පිළිබඳව ලිලන්තක ආර්. ජයතුංග නැමැත්තෙක් තම මුහුණු පොතේ තබා තිබූ සටහන ද මේ සමග දක්වා ඇත.
- භාතිය පෙරේරා –


