June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විගණකාධිපතිකමටත් කැලනි සගයෙක්!

1 min read

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මූල්‍යාධිකාරී ඩබ්.එම්.කේ.ජී.ඒ්. වික්‍රමසිංහ නව විගණකාධිපතිවරයා ලෙස පත්කිරීම ජනාධිපති අනුර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා යොමු කිරීමට කතානායක වෙත යොමුකර ඇතැයි වාර්තා වෙයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන ඩබ්.එම්.කේ.ජී.ඒ්. වික්‍රමසිංහගේ නම කතානායකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කිරීමට නියමිතය. ඔහු ජනාධිපති අනුර දිසානායකට වඩා කැලණිය විශ්වවිද්‍යාලයේ වසරක් කනිෂ්ටයෙකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 30 වෙනිදා එනම් අද රැස්වන බව එහි සාමාජිකයන්ට 29 වෙනිදා වාචිකව දැනුම් දුන්නද සාම්ප්‍රදායික ලෙස සාමාජිකයන්ට ලබාදෙන එම රැස්වීමේ අනුමත කරගැනීමට සූදනම් වන විශේෂ කරුණු සඳහන් න්‍යාය පත්‍රය ලබා දී නැත.

ඩබ්.එම්.කේ.ජී.ඒ්. වික්‍රමසිංහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ සුදුසුකම්ලත් සාමාජිකයකු බව ඇතැම් මාධ්‍ය වාර්තා කළද සමාජ මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුට එම සුදුසුකම් නොමැති බවයි. මෙයට පෙර ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධුරයට නම් ගණනාවක් ඉදිරිපත් කළ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එම නම් ප්‍රතික්ෂේප කළේය. කෙසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන්ගේ නිල කාලය පසුගියදා අවසන් වූ අතර නව සාමාජිකයන් ලෙස මහචාර්ය වසන්තා සෙනෙවිරත්න, ඔස්ටින් ප්‍රනාන්දු සහ රංජිත් ආරියරත්න පසුගියදා නම් කළේය.

ජනප්‍රිය පුවත්  රණවිරු ස්මාරකය අසල ඇතිවූ සිද්ධියට ප්‍රකාශයක් දෙන්න විමල්ට කැඳවීමක්

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x