July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වාහන මිල හෙල්ලෙයි….!

1 min read

රජය විසින් පනවා ඇති අතිරේක බදු ප්‍රතිශතය ලබන අගෝස්තු 15 වැනිදා ඉවත් කිරීමට තීරණය කළහොත්, මෙරට වෙළෙඳපොළේ වාහන මිල ගණන් පහළ යා හැකි බව ලංකා මෝටර් රථ අලෙවිකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කරන්නේ, රජය අගෝස්තු 15 වැනිදායින් පසු එම බදු ප්‍රතිශතය එලෙසම පවත්වාගෙන ගියහොත් වාහන මිලෙහි වෙනසක් සිදු නොවන බවයි.

වසර පහකට පසු පසුගිය පෙබරවාරි මාසයේදී වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ වෙළෙඳපොළ තුළ විශාල ඉල්ලුමක් නිර්මාණය වූ නමුත්, මේ වන විට එම ඉල්ලුම සාමාන්‍ය මට්ටමකට පත්ව ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

වර්තමාන වාහන ආනයන දත්ත පසුගිය වසරේ දත්ත සමඟ සැසඳීම සාධාරණ නොවන බවත්, නිවැරදි සැසඳීමක් සඳහා වාහන ආනයනය සාමාන්‍ය පරිදි සිදු වූ 2019 වසරේ දත්ත උපයෝගී කරගත යුතු බවත් සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. රේගු වාර්තාවලට අනුව, මීට පෙර දිනකට වාහන නිදහස් කර ගැනීම සඳහා ඉදිරිපත් වූ රේගු ප්‍රකාශන (Customs Declarations) සංඛ්‍යාව 800-850ත් අතර පැවති අතර, මේ වන විට එය 300-350 දක්වා කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇත.

ජනප්‍රිය පුවත්  මේ රජයට අපි හොඳටම රැවටුණා | සභාපති - ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය

ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව, මෙම වසරේ මුල් මාස පහ තුළ ඇමරිකානු ඩොලර් මිලියන 1070ක වටිනාකමකින් යුත් වාහන මෙරටට ආනයනය කර තිබේ. අප්‍රේල් සහ මැයි මාසවලදී පැනවූ බදු සංශෝධන හේතුවෙන් වාහන ආනයන පිරිවැය 20%කින් පමණ ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.

රජය අපේක්ෂා කරන්නේ මෙම මාසය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 180ක පමණ වාහන ප්‍රමාණයක් මෙරටට ආනයනය කරනු ඇති බවයි. 2019 වසරේදී මෙරටට ආනයනය කරන ලද මුළු වාහනවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1400කි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x