June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලැබෙන ඉන්ධන ප්‍රමාණවත් නෑ : පාර්ශ්ව රැසකගෙන් චෝදනා!

1 min read

එක් එක් වාහන කාණ්ඩ සඳහා සතියකට ලබා දෙන ඉන්ධන කෝටාව දැනුම් දීමත් සමග ප්‍රවාහන ක්ෂේත්‍රය ඇතුලු‍ ක්ෂේත්‍ර ගණනාවකම පිරිස් එම ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරනවා.

එලෙස ප්‍රධාන වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ මගී ප්‍රවාහන, කෘෂිකර්මාන්ත, ධීවර, සංචාරක ඇතුළු ක්ෂේත්‍රවල නිරත ජනතාවයි.

කෘෂිකර්මාන්ත ක්ෂෙත්‍රයේ භාවිත කරන යන්ත්‍ර සූත්‍ර ඇතුළත් ඉඩම් වාහන සඳහා කිව් ආර් ක්‍රමවේදය යටතේ සතියකට හිමිවන්නේ ඉන්ධන ලීටර් 25 ක් පමණයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල මහ කන්නයේ වී අස්වනු නෙළමින් පවතින සමයක එම ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව ගොවීන් චෝදනා කරනවා.

මේ අතර ධීවර කර්මාන්තයේ බහුදින ධීවර යාත්‍රා, එක්දින ධීවර යාත්‍රා, මා දැල් යාත්‍රා ඇතුලු‍ ධීවර යාත්‍රා සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නැහැ.

එවන් පසුබිමක ඒ සම්බන්ධයෙන් කඩිනමින් දැනුම් දීමට නියමිත බවයි ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පැවසුවේ.

සංචාරක කර්මාන්තයේ නියැලෙන පිරිස් සඳහා සතියකට හිමි ඉන්ධන කෝටාව ලබා ගත හැක්කේ මෝටර් රථ, වෑන් සහ විශේෂ කාර්ය වාහන කාණ්ඩ යටතේයි.

ජනප්‍රිය පුවත්  තාවකාලික අටමස්ථානාධිපති ධුරයට පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඤානතිලක හිමි පත් කෙරේ

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x