June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලාභ ලැබූ ශ්‍රී ලංකන් පුනරුදෙන් පාඩු ලබයි!

1 min read

2023-2024 මූල්‍ය වර්ෂයට අදාළව මිලියන 2700ක් ලාභ ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2025 දී මිලියන 30,000ක පාඩුවක් ලබා ඇතැයි වාර්තා වේ.

ජ.වි.පෙ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරණය බාර දී ඇත්තේ, ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් පත්කරන ලද ඔහුගේ හිතවතුන් කණ්ඩායමකට ය. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා පත්කරන ලද කළමණාකාරීත්වය යටතේ මිලියන 27,000ක ලාභයක් හිමිකරගත් එම ආයතනය, අනුර කුමාර ජනාධිපතිවරයා පත් කරන ලද ධම්මික පෙරේරාගේ හිතවතුන්ගේ කළමනාකාරීත්වය යටතේ මෙම උග්‍ර පාඩුවට මුහුණ පා තිබේ.

විශ්‍රාමික ජනාධිපතිවරුන් සියලු දෙනාම නඩත්තු කිරීමට වැය වන්නේ වසරකට රුපියල් මිලියන 120ක් පමණි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විතරක් පාඩුව වසරකට රුපියල් මිලියන 30,500කි. ඉදිරියේදී මෙම පාඩුව තවත් ඉහළ යනු ඇති බවත්, ඒ ස‍ඳහා මහජන බදු මුදල් තව තවත් වැය කෙරෙනු ඇති බවත් වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ පුත් (ඔහුගේ විවාහක බිරිඳගේ පෙර කසාදයේ පුත්) කසුන් දිසානායක සේවය කරනුයේ ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ය. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ කසුන් දිසානායකව බදවාගෙන තිබුණේ ”මිහින් ලංකා” ගුවන් සමාගමට ය. පසුව, එය යහපාලන සමයේ වසා දැමීමට තීරණය කළ විට, අනුර කුමාරගේ ඉල්ලීම මත කසුන් දිසානායක ශ්‍රී ලංකන් වෙත බඳවා ගැනීමට එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ක්‍රියා කළේය.

ජනප්‍රිය පුවත්  “වතුර ඉල්ලුවාම එයාගේ ඉස්සරහාම බිමට හළලා” – ජපන් පොලිස් කූඩුවේ මියගිය විචක්ෂණගේ මවගෙන් කම්පා කරවන හෙළිදරව්වක්

දිස්නා පෙරේරා Underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x