ලංකා ගල් අඟුරු සමාගමට සීල් තියයි!
1 min read
නොරොච්චෝල තාප බලාගාරය අයත් ලංකා ගල් අඟුරු සමාගමේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයට මේ වන විට රහස් පොලිසිය විසින් සීල් තබා තිබේ. රහස් පොලිසියේ කැලුම් කරුණාරත්න නමැති පොලිස් නිලධාරියා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ සීල් තැබීම සිදු කර ඇත.
එම ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන්ට හා සේවකයන්ට උපදෙස් දී ඇත්තේ නිවසේ සිට රාජකාරී කටයුතුවල නිරත වන ලෙසය.
මීට අමතරව, එම රාජ්‍ය සමාගමේ සාමාන්‍යාධිකාරීවරයාට, මෙහෙයුම් කළමනාකරුට හා ගණකාධිකාරීවරයාට CIDයට පැමිණෙන ලෙස ද දන්වා තිබේ. බොහෝ විට ඔවුන් පැමිණීමෙන් පසු කටඋත්තරයක් ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සිදුවනු ඇත.
අප කලින්ම අනාවරණය කළේ අනුරලා ඩබල සිදු කළ මහා ගල් අඟුරු හොරකම නිලධාරීන් පිටින් යැවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවය. ඒ අනුව මෙම ක්‍රියාදාමය සිදුවන බව පැහැදිලිය.
තාරක අඹන්කැටිය
