June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලංකාවේ සිට ටැන්සානියාවට මත්ද්‍රව්‍ය තොගයක්!

1 min read

ශ්‍රී ලංකාවේ සිට ටැන්සානියාවට මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එක්කෝටි අසූහතර ලක්ෂ පනස් හයක් (18,400,056) රැගෙන ගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළු හත්දෙනකු එරට දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අහංගම පදිංචි 46 හැවිරිදි සහ 25 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙක් සහ ටැන්සානියා ජාතිකයන් පස් දෙනෙකි. ටැන්සානියාවේ මත්ද්‍රව්‍ය පාලන සහ නීති බලාත්මක කිරීමේ අධිකාරිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය අඩි 40ක කන්ටේනරයක පටවා එරටට යවා තිබිණි. මෙම මත්ද්‍රව්‍ය පොහොර ලෙස නම්කර මළු 450ක අසුරා ශ්‍රී ලංකාවේ සිට එවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ රටෙන් මේ ද්‍රව්‍ය රේගුව හරහා ගිය නම්, මේවා ගැන සොයන්නේ නැද්ද? අනිවාර්යෙන් මේ රජය මේ ගැන සෙවිය යුතුයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x