June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රාජ්‍ය බැංකු දෙකකට ආණ්ඩුව කරන්න හදන වැඩේ

1 min read

මහ බැංකුවේ ක්‍රියාකලාපය සෙවීමට තේරීම් කාරක සභාවක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.

අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කරන ලෙස කෙරෙන ඉල්ලීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 40කට වැඩි පිරිසක් දැනටමත් අත්සන් තබා ඇති බවද රවී කරුණානායක මහතා කීය.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් රවී කරුනනායක මහතා මේ බව සඳහන් කළේය.

රජය සහ මහ බැංකුව රුපියල ස්ථාවර බව පැවසුවද, තිරය පිටුපස පවතිනුයේ කෘතිම පාවීමක් බවත්, මෙහි අවසාන බර පොදු ජනතාවට දැරීමට සිදුවන බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

ලංකා බැංකුව සහ මහජන බැංකුව යන ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක පෞද්ගලීකරණය කිරීමේ රහසිගත සැලසුමක් පවතින බව ද රවී කරුණානායක මහතා මෙහිදී කීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x