September 11, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රාජ්‍ය අත්පත් කරගැනීම

1 min read

මේ දවස්වල ෆේස්බුක් එකේ වගේම දේශපාලන වේදිකාවලත් අලුත්ම Trend එකක් වෙලා තියෙන වචනයක් තියෙනවා. ඒ තමයි ‘රාජ්‍ය අත්පත් කර ගැනීම..

මොකක්ද මේ මාලිමාවෙ හැමෝම කතා කරන රාජ්‍ය අත්පත් කර ගන්න කතාව..?

මෑත කාලීනව අනුර කුමාර දිසානායකගෙ පටන් ටිල්වින් සිල්වා, බිමල්, ලාල්කාන්ත, ලක්මාලි, බීඩි සරත්, එරංග සේනාරත්න වැනි ගෝතයො දක්වාම එක එක ආරෙන් කියන කියන කතාවක් තමයි අපි ” රාජ්‍ය බලය අල්ලා ගත යුතුයි..” කියන එක

” රාජ්‍ය අත්පත් කර ගැනීම’, මෙය හුදෙක් ආණ්ඩුවක් බලයට පත්වීම හෝ සාමාන්‍ය දූෂණය වැනි සරල කාරණයක් නොවේ. මෙය රටක ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම විනාශ කර, රට ඒකාධිපති පාලනයක් කරා ගෙන යන භයානක දේශපාලන උගුලකි.

” රාජ්‍ය අත්පත් කර ගැනීම යනු කුමක්ද?

යම් දේශපාලන කණ්ඩායමක්, ව්‍යාපාරික පැලැන්තියක් හෝ ප්‍රභූ පිරිසක් විසින් තමන්ගේ පෞද්ගලික හෝ පක්ෂ අභිමතාර්ථයන් වෙනුවෙන් රටක ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව), අධිකරණය, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ සමස්ත රාජ්‍ය ව්‍යුහයම තමන් සතු කර ගැනීම මෙයින් අදහස් කරනවා

සරලව කිව්වොත් රාජ්‍ය අත්පත් කරගන්නවා කියන්නේ පාර්ලිමේන්තුව, උසාවිය, නීතිය විතරක් නෙවෙයි මුළු රටේම සිස්ටම් එක තනි පක්ෂයක හෝ කල්ලියක වුවමනාවට සින්නක්කරව ලියාගන්න එක.

මෙහිදී සිදුවන්නේ පවතින නීති රීතිවලට යටත්ව වැඩ කිරීම නොව, තමන්ට අවශ්‍ය පරිදි නීති සහ ව්‍යවස්ථාවන් අලුතින් සකස් කර ගැනීමයි. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ බහුතර මහජනතාව සතු රාජ්‍ය බලය, සුළු පිරිසකගේ ඒකාධිපති අවශ්‍යතා වෙනුවෙන් අවභාවිත වීමයි…

ජනප්‍රිය පුවත්  ගල් අඟුරු කාලා බලන්න බෑනේ! බංකුවක් අරගෙන එන්න අසූචි පෝර නැවේ කතාවත් අදම උඹලට කියලා දෙන්න!

රාජ්‍ය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ඉතිහාසයේ සිට අද දක්වාම ලෝකය පුරාම පවතින්නෙ සෘණාත්මක උදාහරණ මිසක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී උදාහරණ නම් නොවේ..

රාජ්‍ය අත්පත් කර ගැනීම (State Capture) සඳහා ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධම උදාහරණය වන්නේ ගුප්තා (Gupta) නමැති ව්‍යාපාරික සහෝදරයන් පිරිසක් එරට හිටපු ජනාධිපති ජේකබ් සුමා සමඟ පැවැත්වූ සමීප සබඳතා භාවිත කරමින් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම පාහේ තමන්ගෙ පාලනයට නතු කර ගැනීමයි.

ඔවුන් තමන්ට අවශ්‍ය පරිදි එරට ඇමතිවරුන් පත් කිරීමට, රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් වෙනස් කිරීමට සහ බදු ප්‍රතිපත්ති තමන්ට වාසිදායක ලෙස සකස් කර ගැනීමට කටයුතු කළහ…

මේ ආණ්ඩුවද රටේ ප්‍රජාතන්ත්‍රවාදීව ජන බලයෙන් පත් කළ ජනතා නියෝජිතයන් පයිසයකට මායිම් නොකර රාජ්‍ය දේශපාලනිකව ටිල්වින් සිල්වා ප්‍රමුඛ පැලවත්තෙන්ද, රටේ ආර්ථික ප්‍රතිපත්ති තෝරාගත් ව්‍යාපාරික මාෆියාවක් විසින් ද තීරණ ගනිමින් සිටී..

අනුරගෙ ආණ්ඩුව විසින් ස්ථාපිත කර ඇති “ප්‍රජා ශක්ති” වැනි සමාන්තර පක්ෂ ව්‍යුහයන් සහ ඇතැම් පරිපාලන පත්කිරීම් හරහා ජාතික ජන බලවේගය විසින්ම නව ආකාරයක රාජ්‍ය අත්පත් කර ගැනීමක් (State Capture) හෝ එක් පක්ෂයක පාලනයක් කරා රට ගෙනයාමට උත්සාහ කරමින් ඇත..

ලෝක ඉතිහාසය දිහා පොඩ්ඩක් ඇස් ඇරලා බැලුවොත් මේ “රාජ්‍ය බලය අත්පත් කරගත්ත” කෙරුම්කාරයන්ට අන්තිමට වෙච්ච හරිය හොඳට බලාගන්න පුළුවන්…

ජනප්‍රිය පුවත්  ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්නගෙ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසියි…?

ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බලයට පැමිණ, පසුව නීති වෙනස් කරමින් සමස්ත ජර්මානු රාජ්‍යයම අත්පත් කරගත් හිට්ලර් ක්‍රමයෙන් ලෝකයේ දරුණුතම ඒකාධිපතියා බවට පත් විය.

නමුත් එහි අවසානය වූයේ මුළු ජර්මනියම සුන්බුන් ගොඩක් බවට පත්වීම සහ අවසානයේ සතුරන්ට හසුවීමට බියෙන් හිට්ලර්ට බංකරයක් තුළ වෙඩි තබාගෙන සියදිවි නසා ගැනීමට සිදුවීමයි.

ලිබියාවේ මුවම්මරිර් ගඩාපි දශක හතරකට වැඩි කාලයක් ලිබියාවේ පූර්ණ රාජ්‍ය බලය සහ සම්පත් සියල්ල තනි ඒකාධිපති පාලනයක් යටතේ තබා ගැනීමට සමත් වුවා.

සල්ලි විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ හුස්ම ටිකත් ඔහු පාලනය කළා. හැබැයි 2011 දි “අරාබි වසන්තය” ආපු වෙලාවේ තමන්ගේම රටේ මිනිස්සු අතින් පාරක් අයිනේ කාණුවක් ළඟ අමු අමුවේ බැට කාලා මැරෙන්න සිද්ධ වුණා.

එලෙසම රාජ්‍ය අත්පත් කරගෙන සිටි ටියුනීසියාවේ සිනේ එල් අබිදින් බෙන් අලි (Zine El Abidine Ben Ali) ට රටින් පලායාමට සිදු වූ අතර,

ඊජිප්තුවේ දශක ගණනාවක් රාජ්‍ය බලය හෙබවූ හොස්නි මුබාරක්ට (Hosni Mubarak) සිය අවසන් කාලය ගත කිරීමට සිදු වූයේ සිරකූඩුවක් තුළ යකඩ ඇඳක් උඩයි..

බංග්ලාදේශයේ මෑතකදී පූර්ණරාජ්‍ය බලය අත්පත් කරගෙන සිටි ෂීක් හසිනාට (Sheikh Hasina) ද ජනතා විරෝධය හමුවේ රටින් පලායාමට සිදු විය.

ජනප්‍රිය පුවත්  ජන්ම අනන්‍යතාවය සගවමින්,ජාතික රාජකාරියක් කළ හැක්කේ මෙහෙයුම් ක්‍රියාදාමයක සිටින පුද්ගලයන්ට පමණි.

ශ්‍රී ලංකාවේ මෑතකාලීන දේශපාලන ඉතිහාසයේ පූර්ණ රාජ්‍ය බලය හිමි කර ගැනීමෙ ආසන්නයට මේ පැමිණීමට හැකි වූයේ ජේ ආර් ජයවර්ධනට සහ මහින්ද රාජපක්ෂට පමණි..

ජේ.ආර්. ජයවර්ධන මහතා 1978 ව්‍යවස්ථාව හරහා විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දෙමින් සමස්ත රාජ්‍ය බලයම තනි පුද්ගලයෙකු වටා කේන්ද්‍රගත කළේය..

අවසානයේදී සිදි වූයේ කුමක්ද…?

ජේ ආර් ජයවර්ධන සමයෙ උතුර දකුණ දෙකොණ පත්තු වන විලක්කුවක් විය..

2015 ජනවාරි 08 වෙනිදා මේ රටේ සදාතනික නායකයා වේ යැයි මා පවා විශ්වාස කළ මහින්ද රාජපක්ෂව ජනතාව පරාජය කර ගෙදර යැව්වෙ සිරිසේන වැනි රූකඩයක් ජනාධිපති කරවමිනි…

අල්ල උඩ තබාගෙන බිංකුණ්ඩො නටවන මට්ටමට රාජ්‍ය බලය ඔවුන් සතු විය…

ජේ ආර්, මහින්ද සමග සංසන්දනය කරන විට අනුර කුමාර දිසානායක යනු හෝහපුටුවෙකි..

කොහොම වුණත් ඉතිහාසය අපිට උගන්වපු එකම සහ සදාකාලික පාඩමයි තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් උඩුයටිකුරු කරලා, පූර්ණ රාජ්‍ය බලය තමන්ගේ පාලනයට විතරක් නතු කරගන්න හදපු කිසිම පාලකයෙකුට හෝ පක්ෂයකට ඉතිහාසය කවදාවත් සමාව දීලා නැහැ…

ඉතිහාසය විසින් ඔවුන්ට උරුම කර දුන්නෙ අතීශය භයානක ඛේදාන්තයක්…

නිලන්ත සත්සර ගමගේ ✍️

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x