June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රනිල් රෝහලෙන් පිටව යයි!

1 min read

සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ හෘද සැත්කමකට භාජනය වී සුවය ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එම රෝහලෙන් නික්ම ගිය බව වාර්තා වේ. සැත්කමෙන් පසුව දැඩි සත්කාර ඒකකයේ රඳවා සිටි ඒ මහතා, සුවය ලැබීමත් සමඟ පසුගිය 24 වැනිදා සාමාන්‍ය වාට්ටුවකට මාරු කර යවා තිබුණි.

රෝහලෙන් බැහැර වුවද වෛද්‍ය සායන සඳහා සහභාගී වීමේ අවශ්‍යතාව මත, ඔහු රෝහල ආසන්නයේ පිහිටි හෝටලයක තවදුරටත් රැඳී සිටියි.

හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය විමසා බැලීම සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලකට අනුයුක්ත විශේෂඥ වෛද්‍යවරයකු ද මේ වන විට ඔහු සමඟ සිංගප්පූරුවේ රැඳී සිටියි.

මේ වන විට හෝටලයක නවාතැන්ගෙන සිටින වික්‍රමසිංහ මහතා, තමන්ට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ අනුමැතිය ලැබුණු පසුව යළි ශ්‍රී ලංකාව බලා පැමිණීමට සැලසුම් කර ඇත.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x